Latestදේශීය

ප්‍රසන්නගේ ‘‘පැරඩයිස්’’ ‌ලොවවටා

ජාත්‍යන්තර සම්මාන දිනූ ශ්‍රී ලාංකේය ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය වන ‘‘පැරඩයිස්’’, ඉන්දීය සුප්‍රකට සිනමාවේදී මනිරත්නම්ගේ මැඩ්‍රාස් ටෝකීස් සමාගම මගින් ලොව පුරා තිරගත කිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයක් ඉන්දියාවේ ඉහළ පෙළේ සමාගමක් මගින් ලොවට ඉදිරිපත් කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ප්‍රසන්න විතානගේ මෙම චිත්‍රපටය මලයාලම් භාෂාවෙන් නිර්මාණය කිරීමද විශේෂත්වයකි. ඉන්දීය සුප්‍රකට සිනමාවේදී මනිරත්නම්, ඉන්දියාවේ නොවන සිනමාකරුවකුගේ චිත්‍රපටයක් ලොවට ඉදිරිපත් කරන ප්‍රථම අවස්ථාව මෙය ලෙසද සැලකේ.

‘‘පැරඩයිස්’’ චිත්‍රපටයේ මංගල දැක්ම ඔක්තෝබර් 07 වැනදා කොරියාවේ වූසාන් නගරයේ දී ප්‍රදර්ශනය කෙරෙන අතර මෙවර ‘‘බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ’’ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වණුයේ ඉන්දීය හා ශ්‍රී ලංකා එකම නියෝජනයක් ලෙස වීමද විශේෂත්වයකි.

මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන රෝෂන් මැතිව් හා දර්ශනා රාජේන්ද්‍රන් ප්‍රධාන චරිත මවන ‘‘පැරඩයිස්’’ චිත්‍රපටයට මෙරටින් මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, සංජීව දිසානායක ඇතුළු නළු නිළි පිරිසක් දායක වී සිටිති.

මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ දී රූගත කරන ලද අතර ‘‘පැරඩයිස්’’ චිත්‍රපටය කේරළයේ චිත්‍රපට සමාගමක් වන නිව්ටන් සිනමා ආයතනය නිෂ්පාදනය කර තිබීමද විශේෂත්වයකි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?