Latestදේශීය

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන්න එපා – කතානායක

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (18) පාර්ලිමේන්තුවට දැනුම්දෙනලදී.

මේ මස 03 වෙනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්ථකයේ එම කෙටුම්පත ඇතුළත්කර තිබේ.

කථානායකවරයා වැඩිදුරටත් දැනුම් දෙමින් පැවසූවේ එම කෙටුම්පත ඉදිරිපත් නොකරන ලෙස සිදු කළ දැනුම් දීම අනුව එය ඉවත් කළ බවයි.

මෙම පනත් කෙටුම්පතට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ගොනු කර ඇති පෙත්සම පසුගිය 11වනදා විභාගයට ගත් අවස්ථාවේ නීතිපති වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින්පුල්ලේ විසින්, පාර්ලිමේන්තු මහ ලේකම් වෙනුවෙන් වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්නගේ අත්සනින් යුතු ලිපියක් ඉදිරිපත් කරමින්, උක්ත පනත් කෙටුම්පත 03.10.2023 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට (Oder Papers) ඇතුළත් කර නැති බව ශ්‍රේෂ්ඨාධිකරණයට සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් පැමිණිලි කරුවන් වෙනුවෙන් ඉදිරිපත්වන ජනාධිපති නීතිඥ නයිජල් හැජ්, ජනාධිපති නීතිඥ මංජුල බාලසූරිය, ජ්‍යෙෂ්ඨ නීතිඥ සාන්ත ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් වටගල කරුණු දක්වමින් සඳහන් කර තිබුනේ තමන් සතුව ඇති 03.10.2023 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ අදාළ පනත් කෙටුම්පත ඇති බවය.

මේ වනවිට ගැසට් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොමැතිනම් එය තහවුරු කරන ලියකියවිලි සියල්ලම පැමිණිලි කාර පාර්ශවයට යොමු කර ඊට දාල කරුණු හෙට (19) අධිකරණයට තහවුරු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය එදින නීතිපතිට නියෝග කර තිබිණි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?