Latestදේශීය

වසර 10ක මධ්‍යසාර හිඟ මුදල් අයකරගන්නවා – රංජිත් සියඹලාපිටිය

ගෙවීමට ඇති සියලු හිඟ මුදල් ඔක්තෝබර් මස අවසානයට පෙර ගෙවා දමන ලෙස මධ්‍යසාර සමාගම් වෙත අවසන් නිවේදනය ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ තව දුරටත් මධ්‍යසාර සමාගම් වෙත බදු සහන ලබා දෙන බවට විපක්ෂ නායකවරයා විසින් කරන ලද චෝදනාවකට පිළිතුරු දෙමිනි.

අමාත්‍යවරයා සඳහන් කළේ වසර 10ක පමණ සිට ගෙවා දැමීමට ඇති හිඟ බදු පවා මේ යටතේ අයකර ගැනීමට නියමිත බවයි.

එසේ නොමැතිව කිසිදු පාර්ශ්වයකට බදු සහන ලබා දීමේ කිසිදු සූදානමක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

@ Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?