Latestදේශීය

කැපකරු වැඩපිළිවෙලක් හරහා පාසැල් පද්ධතිය ශක්තිමත් කරනවා – සජිත් ප්‍රේමදාස

විවිධ ක්‍රමවේද ඔස්සේ රට ගොඩනැගීම සඳහා කටයුතු කිරීමේ හැකියාව ඇති බවත්, රජයේ මුදල් යෙදවීමෙන් පමණක් රටක අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කළ නොහැකි බවත්, ඒ සඳහා නිර්මාණාත්මකව ක්‍රමවේදයන් ත්‍රිත්වයක් තමන් සැලසුම් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.

එහි පළමු ක්‍රමවේදය ලෙස විදේස් පාසල් සමඟ මෙරට පාසල් 10,126 සම්බන්ධ කරමින් කැපකරු වැඩපිළිවෙලක් හරහා පාසල් පද්ධතිය සඳහා සම්පත් සහ විශේෂඥ දැනුම ගෙන ඒම සිදුකරන බවත්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ ඇති කළ සෙවන සරණ මාපිය කැපකරු ක්‍රමය වැනි ක්‍රමවේදයක් මේ ඔස්සේ පාසල් පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා අඩිතාලම සැකසෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

දෙස්, විදෙස් ධානපතියන් සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ ලාභයෙන් කොටසක් මෙරට අධ්‍යාපනය නගාසිටුවන ව්‍යාපෘති සඳහා දායක කර ගැනීම දෙවන ක්‍රමවේදය බවත්, තුන්වන සංකල්පය ලෙස, ප්‍රාදේශීය වශයෙන් සිටින ධානපතීන් සම්බන්ධ කරගනිමින් සංවර්ධන භාරකාර අරමුදලක් හරහා පාසල් පද්ධතිය නඩත්තු කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලි කළා.

ඒ තුළින් මෙතෙක් සිදු කළ ආකාරයෙන් පාසැල් පද්ධතිය නඩත්තු කිරීමට අහිංසක ජනතාවගේ බදු මුදල් යෙදවීමේ අවශ්‍යතාවය ඇති නොවන බවත්, එය ජනතාව මත ඇති බදු බරද අඩු කිරීමට රුකුලක් වනු ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.

සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 47 වැනි අදියර යටතේ, කළුතර අගලවත්ත මිහිදු මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා.

@ Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?