Latestදේශීය

රාජිතට එරෙහි අල්ලස් නඩුව විභාගයට

මෝදර ධීවර වරාය අඩු මුදලකට පුද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට මූල්‍ය පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමති වත්මන් සමගි ජන බලවේගයේ මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි අල්ලස් නඩුව හෙට (24) සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ (22) තීරණය කර තිබේ.

විනිසුරු නවරත්න මාරසිංහ එලෙස තීරණය කර ඇත්තේ, මෙම නඩුවට අදාළ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කිරීමෙන් පසුව අල්ලස් කොමිසම ඉදිරිපත්වු කරුණු පිළිගනිමිණි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ, 2014 වසරේ අගොස්තු මස පළමුවැනිදාත් නොවැම්බර් මස පළමුවැනිදාත් අතර කාලයේ කොළඹදී මෝදර ධීවර වරාය ‘සී ගල්ෆ් යු.කේ.’ සමාගමට අඩු මුදලකට බදු දීම සඳහා ලංකා ධීවර වරාය නීතීගත සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පෙළඹවු බවටද ඒ අනුව මෝදර ධීවර වරාය එම සමාගමට අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.

එමඟින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ දැක්වෙන දුෂණය නමැති වරද සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධිචෝදනා 05ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු නම් කොට ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 55ක් ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම නඩු භාන්ඩ ලේඛණයක් මඟින් අධිකරණයට දැනුම් දී තිබේ.

හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්නට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ලංකා ධීවර වරාය නීතීගත සංස්ථාවේ හිටපු අධ්‍යක්‍ෂ උපාලි ලියනගේ සහ එහි කළමණාකාර අධ්‍යක්‍ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ නමැත්තන්ය.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කළ විනිසුරුවරයා නඩුව හෙට (24) යළි කැඳවීමටද නියම කර ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?