Latestවිදේශීය

නිදහස් පලස්තීනය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු සිසුන් දහස් ගණනක් මහපාරට

“නිදහස් පලස්තීනය” යන තේමාව යටතේ, ගාසා තීරයේ යුද්ධය වහා අවසන් කරන ලෙසත්, ඊශ්‍රායලයට ලබාදෙන හමුදා ආධාර නතර කරන ලෙසත් ඉල්ලා සිටිමින් ඕස්ට්‍රේලියාවේ පාසල් සිසුන් උද්ඝෝෂණවල නිරත වූහ.

බ්‍රහස්පතින්දා දිනයේ දී Melbourne CBD හි Flinders Street දුම්රිය ස්ථානය අසලට සිසුන් රැස්ව පලස්තීනය සඳහා පෙළ ගැසී සිටියහ. කාර්යබහුල Flinders සහ ස්වන්ස්ටන් වීදියේ වාහන ගමනාගමනයට බාධා වන අන්දමින් ඔවුන් මාර්ගය අවහිර කළහ.

පසුව ඔවුහු ස්වන්ස්ටන් වීදිය ඔස්සේ මෙල්බර්න් නගරය වෙත ගොස් වාඩි වී සිටියහ.

රැලියේ සමසංවිධායකයෙකු වන 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන Audra විරෝධතාකරුවන්ට පැවසුවේ, පලස්තීනය සමඟ දිගටම රැඳී සිටින ලෙසත් “අපි කතා කරන්නේ කුමක් ගැන දැයි අප නොදන්නා බවට පවසන අපගේ විදුහල්පතිවරුන් සහ දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරන ලෙසත්” ය.

පලස්තීන ධජයේ වර්ණවලින් යුත් යෝධ කොමඩු කොඩියක් සිසුන් විසින් එළිදක්වන ලදී. කොමඩු යනු පලස්තීන අනන්‍යතාවයේ සංකේතයකි.

දෙදරු මවක් වන Michelle Colemanද, Caulfield හී ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලබන ඇගේ දියණියන් දෙදෙනා වන Eva සහ Dane, සමඟ රැලියට සහභාගී වී තිබිණි. Eva පැවසුවේ “ගාසාවේ සහ පලස්තීනයේ සිටින සෑම කෙනෙකුටම උදව් කිරීමට අවශ්‍ය” බවයි.

පලස්තීන සරණාගතයෙකුගේ දරුවෙකු වන Coleman පැවසුවේ තම දරුවන්ට ඔවුන්ගේ උරුමය ගැන ආඩම්බර වීමට අයිතියක් ඇති බවයි.

“මට අවශ්‍ය වන්නේ මගේ දරුවන් ඔවුන්ගේ අනන්‍යතාවය අවබෝධ කර ගැනීම සහ සියලු මිනිසුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් සටන් කළ යුතුය යන්න තේරුම් කර දීම” යැයි ඇය පැවසුවාය.

පැස්කෝ වේල් බාලිකා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෝරා පැවසුවේ “හරි දේ වෙනුවෙන් පෙනී සිටීමට” තමාට අවශ්‍ය බවයි.

16 හැවිරිදි ශිෂ්‍යයෙකු සහ පලස්තීනය සඳහා වන පාසල් වර්ජනයේ සම සංවිධායක අයිවි බර්ට්‍රම් පැවසුවේ ඊශ්‍රායල-හමාස් ගැටුම පිළිබඳව සියළු තොරතුරුවලින් සිසුන් දැනුවත්ව සිටින බවයි.

“සම්පූර්ණ සටන් විරාමයක් සහ නිදහස් පලස්තීනයක් අවශ්‍ය බව පවසමින් අප යවන ලද පණිවිඩය පාර්ලිමේන්තුවට ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. අපට අවශ්‍ය වන්නේ පලස්තීනයට යුක්තිය ඉටු කර දීමටයි,” යනුවෙන් බර්ට්‍රම් පැවසීය.

ඇතැම් සිසුන් පලස්තීන ධජය අතැතිව සිටි අතර තවත් පිරිසක් “ඊශ්‍රායලයේ ජන සංහාරය දැන්වත් නවත්වන්න” සහ “නිදහස් පලස්තීනය” යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් සිටියහ.

සිඩ්නි, වොලොන්ගොන්ග් සහ බයිරන් බේ හි පලස්තීන ගැති පාසල් විසින් සිකුරාදා දිනයේ දී මෙම විරෝධතා රැලිය සැලසුම් කර ඇත.

පසුගිය සිකුරාදා දිනයේද, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ඉල්ලමින් රට පුරා සිසූහු විරෝධතාවයක නිරත වූහ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?