Latestනවතම ලිපිවිදේශීය

ඔක් 07 ඊශ්‍රායලයේ “නෝවා රේව්” උත්සවයට පහර දුන්නේ ඊශ්‍රායල් ගුවන් හමුදාවමයි ?

පසුගිය ඔක්තෝබර් 07 වැනිදා එල්ල වූ හාමාස් ප්‍රහාරයේදී ගාසා දේශසීමාව අසළ තරුණ කඳවුරේ පැවැත්වුණු “නෝවා රේව්” උත්සවයේදී සිදු වූ සිවිල් මරණ 364 සිදු වී ඇත්තේ ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් බව අභ්‍යන්තර පොලිස් වාර්තාවක් පදනම් කර ගනිමින් ඊශ්‍රායල දෛනික පුවත් පතක් වන Haaretz හෙළි කර සිටි. නමුත් ඊශ්‍රායල රජය විසින් මෙම වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කර සිටිනුයේ අදාළ පුවත්පතට දේශද්‍රෝහී ලේබලයද අවලමිනි. කෙසේ වෙතත් අදාළ පුවත් පත් වාර්තාව පිට වීමත් සමග එරට විපක්ෂය සහ පලස්තීන රජය ඔක්තෝබර් 07 ප්‍රහාරය බෙන්ජමින් නෙතන්යාහු අගමැති විසින් තම දූෂිත පාලනය රැක ගැනීම සඳහා යොදා ගනු ලබන යුද්ධයක් යන සැකය ඊශ්‍රායල රජය වෙත එල්ල කරමින් සිටි.

මෙම නව හෙළි කිරීම සිදු කරන Haaretz වාමාංශික පුවත් පත වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ අදාළ නෝවා සාදයට සහභාගී වූවන් 364 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිස් පරීක්ෂණයක් විසින් ලබා දුන් පොලිස් මූලාශ්‍රයකට අනුව, ඊශ්‍රායල ආරක්‍ෂක හමුදාවට අයත් ප්‍රහාරක හෙලිකොප්ටරයක් එම ස්ථානයට පැමිණ හාමස් ප්‍රහාරකයන් ලෙස සැක කර සිදු කරන ලද වෙඩි ප්‍රහාරවලින් උත්සවයට සහභාගී වූ සමහර සිවිල් ජනතාවටද පහර දී ඇති බවයි. අදාළ චෝදනා පිළිබඳව තමන් සතුව ඇති මූලාශ්‍ර ඉදිරිපත් කිරීම පුවත් පත ප්‍රතික්‍ෂේප කරනු ලබන අතර සමාජ ජාලවල මෙම ප්‍රහාර එල්ලවන දැක්වෙන වීඩියෝ පටයක් හුවමාරු වෙමින් පවතී. එහි සිවිල් වැසියන්ට එරෙහිවද ඊශ්‍රායල ගුවන් හමුදා වෙඩි තැබීම පෙන්නුම් කරනු ලබන බව වාර්තා වේ. රොයිටර් පුවත් සේවය ඇතුළු බටහිර මාධ්‍ය ආයතනද පවසනුයේ අදාළ වීඩියෝ පට උපුටා ගන්නා ලද්දේ ඊශ්‍රායල හමුදාව විසින් ඔක්තෝබර් 09 වන දින X හි ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝ එකතුවකින් බවය.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව (IDF) ප්‍රකාශ කරනුයේ එම දිනයේ දී ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ගාසා තීරයේ සමස්ත භූමිය හරහා “මහා පරිමාණ ප්‍රහාර” සිදු කළ බවත්, එය “හමාස් ප්‍රහාරකයින්ට දැවැන්ත විනාශයක්” අත්කර දුන් බවත්ය. ඔක්තෝබර් 07 වැනිදා හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල ගුවන් හමුදා මහා පරිමාණයෙන් හෙලිකොප්ටර් භාවිතා කළ බව එමගින් තහවුරු වී ඇත. එදින උදෑසන පැවති මහා ව්‍යාකූලත්වය පිළිබඳව ගුවන් නියමුවන් කිහිප දෙනෙකු ඊශ්‍රායල මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ,

“අපේ හමුදාවන් විසින් සිදු කළ මෙම මෙහෙයුමේ දී බිම සිටින අය අතර සතුරා කවුද? පුරවැසියන් කවුද යන්න පිළිබඳ උභතෝකෝටිකයක් ප්‍රශ්නයකට ගුවනේ සිට මුහුණ දීමට මට සිදු වුණා” යනුවෙනි.

“දැන් සම්පූර්ණ තීරණය රඳා පවතින්නේ මා මතයි, කතා කිරීමට කිසිවකු නැත,” මෙම ගුවන් හමුදා ලුතිනන් කර්නල් තව දුරටත් මාධ්‍ය අමතා හෙළි කර තිබේ.

“ප්‍රාණ ඇපකරුවන්ට හා ප්‍රහාරකයන්ට වෙඩි තැබීමේ දී “අඩු” ඉලක්ක තෝරා ගෙන එය සිදු කිරීමට සිදු වූ බව පවසමින්, තවත් ගුවන් නියමුවෙකු එය “100%” සාර්ථක මෙහෙයුමක් නොවූ බව පිළිගෙන තිබේ. එබැවින් මෙහෙයුමේ දී ඔහු සිවිල් වැසියන් මිය යන්නට ඉඩ ඇතැයි අනුමාන කරන බව ප්‍රකාශ කර ඇත.

ඔක්තෝබර් 07 වැනිදා අත් වැරදීමකින් ඊශ්‍රායල සිවිල් වැසියන් මරා දැමිය හැකිදැයි බටහිර මාධ්‍ය වේදියෙකු විසින් විමසන ලදුව, එයට ඊශ්‍රායල ගුවන් නියමුවන් ප්‍රතිචාර දක්වා තිබුණේ නැත. එහිදී අදාළ පොලිස් මූලාශ්‍රය අයත්වන ඊශ්‍රායල් පොලිසිය ඉරිදා කියා සිටියේ “ගුවන් හමුදා ක්‍රියාකාරකම් නිසා සිවිල් වැසියන්ට සිදු වූ හානිය පිළිබඳ තමන් විමර්ශනය නොකරන” බවය.

මේ අතර පලස්තීන අධිකාරියේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කරනුයේ “ඊශ්‍රායල පොලිසිය විසින් කරන ලද මූලික විමර්ශනයෙන් ඔප්පු වූයේ ඊශ්‍රායල හෙලිකොප්ටර් යානා මගින් ඔක්තෝබර් 07දා නෝවා සාදයට සහභාගී වූ ඊශ්‍රායල සිවිල් වැසියන්ට බෝම්බ හෙලූ බව”යි. “ඒ අනුව, මෙම විමර්ශනයේ ප්‍රතිඵල, මෙම ප්‍රදේශයේ සිදු වූ විනාශයන් සහ සමූලඝාතන පිළිබඳ ඊශ්‍රායල වාර්තා පිළිබඳව සැක පළ කරන බව පලස්තීන විදේශ අමාත්‍යංශය පවසා සිටි. එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “ජාත්‍යන්තර මාධ්‍ය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක රාජ්‍ය නායකයින් වෙතින් මේ පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින බවය.

කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම චෝදනා “සම්පූර්ණයෙන්ම විකාර” ලෙස හඳුන්වමින් ප්‍රතික්‍ෂේප කර තිබේ. මෙම ප්‍රකාශයන්වල අරමුණ තම ආරක්ෂක හමුදාව අපකීර්තියට පත් කිරීම බව ඊශ්‍රායල අගමැතිවරයා සඳහන් කර සිටී.

මේ අතර නෙතන්යාහු ආණ්ඩුවේ මාධ්‍ය ඇමති අන්ත දක්ෂිණාංශික shlomo Karhi විසින් Haaretz පුවත් පත වෙත ලබා දෙන සියලු රාජ්‍ය හා පුද්ගලික අංශයේ වෙළඳ දැන්වීම් තහනම් කරන ලෙස ඉල්ලා ඇත. කෙසේ වෙතත් Haaretz පුවත්පත බෙන්ජමින් නෙතන්යාහු ආණ්ඩුව විසින් කුඩා දරුවන් 6,150ක්, කාන්තාවන් 4,000ක් ඇතුළු 14,860ක් ක් මරා දමමින් සිදු කරමින් සිටින යුධ මෙහෙයුම හෙළා දකිනුයේ ඊශ්‍රායල ආණ්ඩුවට වර්ග බේද වාදී ලේබලයද අවලමිනි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?