Latestවිදේශීය

යුද්ධය තවත් මාස කිහිපයක් පැවතිය හැකියි – ඊශ්‍රායල් ආරක්ෂක ඇමති

හමාස් සංවිධානය සමග යුද්ධය තවත් මාස කිහිපයක් පැවතිය හැකි බවට ඊශ්‍රායලයේ ආරක්ෂක ඇමතිවරයා අනතුරු අඟවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායල අගමැති නැවතත් නිරපේක්ෂ ජයග්‍රහණයක් වෙනුවෙන් ප්‍රතිඥා දී ඇති බවයි .

මේ අතර දැනට පවතින ගැටුමේ තීව්‍ර අදියර සති දෙක තුනකින් අවසන් කළ හැකි බව ඊශ්‍රායලය එක්සත් ජනපද නිලධාරීන්ට පවසා ඇතැයි සඳහන් වේ.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ගාසා තීරයේ සිවිල් ජීවිත බේරා ගන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ති‌බේ.

එමෙන්ම ගාසා තීරයේ දෙවන නගරය වන ඛාන් යුනිස් වෙත ඊශ්‍රායල භූමි ආක්‍රමණය තීරණාත්මක තත්ත්වයක පවතින බවද සඳහන් වේ.

එම කලාපයේ ප්‍රධාන ටෙලිකොම් සමාගමට අනුව ගාසා තීරය පුරා අන්තර්ජාල සහ දුරකථන ජාල ඊයේ (14) සිට යළිත් අඩපණ වී ඇත.

හමාස් සංවිධානය ඔක්තෝම්බර් 7 වන දින ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරමින් ජීවිත 1,200 ක් බිළිගෙන 240 ක් ප්‍රාණ ඇපයට ගත් අතර ඉන් ප්‍රාණ ඇපකරුවන් කිහිපදෙනෙක් කෙටි සටන් විරාමයක් අතරතුර නිදහස් කර ඇත.

ගාසා යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා 18,700 කට වැඩි පිරිසක් මිය ගොස් 50,000 ක් තුවාල ලබා ඇති බව හමාස් විසින් පාලනය කරනු ලබන ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?