Latestදේශීය

නැවතත් මුව ආවරණ පළදින්න

ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින නව කොවිඩ් ප්‍රබේදය සහිත රෝගීන් ශ්‍රී ලංකාව තුළ ද සිටීමට ඉඩ ඇති බැවින් හැකිතාක් මුව ආවරණ යළි භාවිතා කරන ලෙසට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ඉන්දියාවේ සිදු කළ පරීක්ෂණයක දී 30%ක් ආසාදිතයන් ලෙස පැය 24ක් තුළ හඳුනාගෙන ඇති බවමහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා.

මෙම තත්වය Omicron හි JN.1 උප ප්‍රභේදය නිසා සිදු වූවක් බට ඔප්පු වී ඇති බවද කොවිඩ් විශේෂ, සෙම්ප්‍රතිශ්‍යාව තරම් සරල නොවන බවත්, මිනිසුන් දැඩි ලෙස රෝගාතුර විය හැකි බවත්, හෘදයාබාධ, ආඝාත සහ මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ වැඩි අවදානම ඇතුළු දිගුකාලීන බලපෑම් ද ඇති කළ හැකි බවත් මහාචාර්යවරයා වැඩි දුරටත් පවසනවා .

ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණ සිදු කිරීම අවම මට්ටමක පැවතීම නිසා රෝගීන් සමාජය තුළ සිටින්නේ ද නැද්ද යන්න පවා හඳුනාගැනීම අපහසු වී තිබෙන නිසා හැකි උපරිමෙන් ආරක්ෂාවීම වැදගත් බවදඒ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ජනාකීර්ණ පරිසරයක සිටී නම්, මුව ආවරණය පැළඳීම වඩා ආරක්ෂිත බවයි මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.

උණ, කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැති වීම මෙම නව Omicron හි JN.1 හි රෝග ලක්ෂණ වන අතර දීර්ඝ කාලීනව පවතින අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම සහ වමනය ඇති වීම ද මෙහි රෝග ලක්ෂණවලට අයත්ය.
මෙවැනි රෝග ලක්ෂණ අනතුරු ඇඟවීමේ සංඥා විය හැකි බැවින් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව සඳහන් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?