Latestවිදේශීය

හමාස් දැඩි තීරණයක

ඊශ්‍රායලයේ ආක්‍රමණකාරී තත්වය සම්පූර්ණයෙන් නැවැත්වීමට එකඟ වන තුරු , ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කර තිබෙනවා .

මේ මස මුලදී ප්‍රාණ ඇපකරුවන් 100කට වැඩි පිරිසක් මුදාගැනීමත් සමග සටන් විරාමයකින් පසුව ගාසා තීරයේ හමාස් සටන්කාමීන් 2,000කට වැඩි ප්‍රමාණයක් මරා දැමූ බවයි ඊශ්‍රායලය පවසා තිබෙන්නේ.

ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයෙන් පැහැරගත් පුද්ගලයන් 120ක් පමණ තවමත් ගාසා තීරයේ අත්අඩංගුවේ පසුවන බව සදහන්.

විදෙස් මාධ්‍ය පවසන්නේ යුද්ධය පිළිබඳ යෝජනාවක් සම්මත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උත්සාහයන් දිගටම පවතින බවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් තවමත් බරපතළ කණස්සල්ලක් පවතින බව එක්සත් ජනපදය පවසා තිබෙන අතර ඡන්දය ප්‍රකාශ කිරීම අද (22) දිනය දක්වා කල් දමා ඇති බව සඳහන්.
සතියක් පමණ පුරා පැවැති සටන් විරාමය තුළගාසා තීරයට විශාල වශයෙන් ආධාර ලැබුණු බවද වාර්තා වෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත්තේ ඊශ්‍රායලය හා හමාස් අතර යුද්ධය තවදුරටත් පැවතුණ හොත් දැඩි සාගත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

පසුගිය බදාදා පැවති මූලික සාකච්ඡාවලට එකඟතාවක් නොතිබුණද, නව සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා ඊජිප්තුවේ කයිරෝ නුවරදී පැවැත්වෙමින් තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?