Latestදේශීය

උසස් පෙළ විභාහය අද සිට

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ විය.

ඒ අනුව අද සිට ලබන 31 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 65,531ක් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ අද සිට විභාග මධ්‍යස්ථාන 2302කදී විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු  මේ  වනවිටත් සැලසුම් කර ඇති බවයි.

විභාග කාල සටහනනේ සිදුකර ඇති සංශෝධන සම්බන්ධයෙන් අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ සියලුම විභාග අපේක්ෂකයින් කල් වේලා ඇතුව විභාග මධ්‍යස්ථාන වෙත යොමු වන ලෙස හා කොරියන් භාෂාව විභාගය ඇතුළත් කිරීම නිසා කාලසටහනේ ඇතිවූ වෙනස පිළිබඳ ප්‍රවේශපත්‍රයේ දන්වා ඇති බවයි.
මේ අතර දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සමග පවතින ගංවතුර හේතුවෙන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට නොහැකි සිසුන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවද සඳහන් වේ.

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කළේ ගංවතුර හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවයි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බවයි.
 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?