Latestදේශීය

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් මතට පයින් ගසක් කඩා වැටී අයෙක් මරුට

ගම්පල සිට නුවරඑළිය දෙසට ධාවනය වෙමින් තිබු ත්‍රිරෝධ රථය මතට රම්බඩ උමග ආසන්නයේදි පයිනස් ගසක් කඩා වැටිමෙන් එම ත්‍රිරෝධ රථයේ ගමන් ගත් අයකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ 46ක් වයසැති ලබුකැලේ පදිංචි සමන් ජයරත්න යන අය බවත් තුවාල ලබා ඇත්තේ  40ක් වයසැති ලබුකැලේ වන්දන වීරසේකර වන බවත් කොත්මලේ පොලිසියේ නිලධාරියකු සඳහන් කළේය.

මෙම අනතුර පිළිබඳව වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?