Latestදේශීය

තම බලශක්ති අයිතිය තහවුරු කරගැනීම සදහා ජනතාව පෙළගැසිය යුතුයි – මයුර නෙත්තිකුමාර

ආණ්ඩුව මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල මණ්ඩල පනත් කෙටුම්පත පරාජය කරමින් ජනතාවගේ බලශක්ති අයිතිය තහවුරු කර ගැනීම සඳහා සියළු දෙනාම පෙළ ගැසිය යුතු බව ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජික ආචාර්ය මයුර නෙත්තිකුමාර පැවසීය.

අද (09) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ අතර ඒ පිළිබඳව කළ පැහැදිලි කිරීම පහත දැක්වේ.

අපි මෙතනදි අවධාරණය කළේ අතයට ගනුදෙනු සහ මේ දූෂිත ක්‍රමවේදය වැරදි බවයි. සාධාරණ බලශක්ති වෙළඳපොළක් වෙනුවට රේඛීය ඇමතිවරයාගේ අණසක පතුරුවන වෙළඳපොළකට ඔබ කැමතියිද කියලා අපි සියලු දෙනාගෙන් අහනවා. මේ වෙළඳපොළ තුළ පෞද්ගලික ආයෝජකයන්ට සහ රජයට සිදු කළ හැකි කාර්යභාරයන් වෙන වෙනම පවතිනවා. පුද්ගලික ව්‍යාපාරිකයන්ගේ පැත්තෙන් බැලුවොත් “අපි හම්බ කළොත් අපි කනවා” යනුවෙන් තිබූ සංකල්පය ප්‍රායෝගිකව ඇත්තක් නොවෙන බව පසුගිය කාලයේ තහවුරු වුණා. රටේ දූෂණයෙන් තොර ප්‍රතිපත්ති තිබෙනවා නම්, රටේ සන්නාමය හොඳ නම්, ලෝකය පිළිගත් තරගකාරී ආයෝජකයන් එනවා.

තමන් විද්වතුන් යැයි කියා ගන්නා ඇතැමුන් ජාතික ජන බලවේගය අයෝජනවලට විරුද්ධ බවට කතා කියනවා. ඒ අයට අපි කියන්නේ ආයෝජන යනුවෙන් ඔවුන් හඳුන්වන දේවල්වලින් ජනතාවට, රටට, මේ රටේ ව්‍යාපාරිකයන්ට ප්‍රතිඵලයක් සිදු නොවෙනවා නම්, ඒවාගෙන් ඇති ඵලය කුමක්ද? මේවාට කියන්නේ ආයෝජන නොවෙයි. විකුණාගෙන කෑම හෝ අතින් කා හරක් බලනවා කියන්නේ මේකටයි. රටට ආයෝනයක් එනවා නම්, එහි ප්‍රතිලාභ ජනතාවට තිබෙන්න ඕනෑ. මේ විදුලි බල පනත් කෙටුම්පත මගින් එවැන්නක් සිදුවන්නේ නැහැ. කිහිප දෙනෙකුට තමන්ගේ මඩිය තරකර ගත හැකි ක්‍රමවේදයක් මෙයින් සකස් කර තිබෙනවා. මේ විදුලි බල පනත වගේම “සොක්කං ලොක්කං වූ හැටි” කියන පොතත් කියවා බලන ලෙස මම විවෘතව ආරාධනා කරනවා. අවුරුදු සියයක පමණ කාලයක සිට යම්කිසි පිරිසක් විසින් ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ ඔවුන් වෙත ලබාගත් ආකාරයෙන් පැහැදිලි ඔබට වේවි. අපි විරුද්ධ වන්නේ ඒ ක්‍රියාවලියටයි. මේ පනතෙන් බලාපොරොත්තු වෙන්නේ ඉතාම අතළොස්සක් පිරිසකට ප්‍රතිලාභ ලබාගැනීමට ඉඩ සලසා ගැනීමයි.

විදුලි බල ක්ෂේත්‍රය වර්ධනය කර ගැනීමට ආයෝජන ගෙන ආ යුතු නම්, කළ යුත්තේ දැනට තිබෙන දේ විකුණා දැමීම නොවෙයි. නව වර්ධනයන් වෙනුවෙන් ආයෝජන කැඳවීමයි. ඡන්දයක් අත ළඟ තබාගෙන ඔවුන්ගේ හිතවතුන් කිහිපදෙනෙකු වෙනුවෙන් ගෙන එන මෙම පනත පිළිබඳ ජාතික ජන බලවේගය පමණක් නොවෙයි සමස්ත ජනතාවම අවධානය යොමු කරන්න ඕනෑ. බලශක්තිය සම්බන්ධයෙන් ජනතාවට තිබෙන අයිතිය තහවුරු කර ගැනීම වෙනුවෙන් ජනතාව ඉදිරියට පැමිණිය යුතුයි. මෙය පක්ෂයක වැඩක් ලෙස නොසැලකිය යුතුයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?