Latestවිදේශීය

යුධ අපරාධ චෝදනාවෙන් නෙතන්යාහු කෝපවේ

ගාසා තීරයේ යුද අපරාධ සිදුවූ බවට විශ්වාස කළ හැකි සාධක පවතින බැවින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු හමාස් සංවිධානයේ නායකයන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැතිවරයා දැඩි කෝපයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම යෝජනාව ඊශ්‍රායලයේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ දැඩි අභියෝගයක් බවත්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එක හා සමානව සැලකීම තම කෝපයට හේතුව බවත් ඊශ්‍රායල අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් වී ඇති ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමේ යෝජනාව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ද විවේචනයට ලක්වී ඇතැයි ද, ඊශ්‍රායලය හමාස් සංවිධානය සමානව සැලකිය නොහැකි බවද බයිඩ්න් ප්‍රකාශ කර තිබේ. අමෙරිකාව සහ ඊශ්‍රායලය වසර 2022 දී ස්ථාපිත කරනු ලැබූ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටවල් නොවන බව ද වාර්තා වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?