Latestදේශීය

අලි සබ්‍රි 18යි – රනිල් 16යි

මහජන ධනය වියදම් කරමින් පසුගිය වසරේදී විදේශ සංචාර සඳහා එක් වූ මැති ඇමතිවරුන්ගේ විස්තර විදේශ කටයුතු අමාත්‍යංශයේ 2023 කාර්ය සාධන වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

එම වාර්තාව අනුව වැඩිම සංචාර ප්‍රමාණයක යෙදී ඇත්තේ විදේශ කටයුතු ඇමති මොහොමඩ් අලි සබ්‍රි ය. ඔහු 2023 වර්ෂයේ දී රටවල් 18ක සංචාරය කර තිබේ.

දෙවන ස්ථානය අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබා ගෙන ඇති අතර අවස්ථා 16ක දී ඔහු 2023 වර්ෂයේ දී පමණක් විදේශ ගත වී තිබේ. ඔහු විදේශ ගත වූ වාර ගණන දෙවන ස්ථානයට පත් වී තිබුණ ද දිවයිනෙන් බැහැරව මහජන මුදල් වැය කරමින් ගත කළ දින ගණන විදේශ ඇමතිවරයාට වඩා වැඩි බව දත්ත පරිශීලනයේ දී අනාවරණය වේ. ඊට අමතරව අගමැති දිනේෂ් ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය සැමරීමේ උත්සවයට තායිලන්තය කරා ගොස් තිබේ.

විදේශ කටයුතු රාජ්‍ය ඇමති තාරක බාලසූරිය ද රටවල් 5කට ගොස් ඇති බව ද එම වාර්තාව උපුටා දක්වමින් අනිද්දා පුවත්පත හෙළි කර ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *