Latestදේශීය

මැතිවරණ කටයුතු නිරීක්ෂණයට යුරෝපා සංගමය එක්වෙයි

(මහින්ද අලුත්ගෙදර)

එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂණ කණ්ඩායමක් යෙදවීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ ආරාධනයකට අනුව මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමක් (EOM) ශ්‍රී ලංකාවට යෙදවීමට යුරෝපා සංගමය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

යුරෝපා සංගමයට ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලීන් සමඟ දිගු ඉතිහාසයක් ඇති අතර යුරෝපා සංගමයේ කැපවීම සහ ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වය පිළිබිඹු කරමින් 2019 දී අවසන් වරට අවස්ථා හයක් තුළ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් යොදවා ඇත. ඒ අනුව යුරෝපා කොමිසමේ විදේශ කටයුතු හා ආරක්ෂක ප්‍රතිපත්ති සහ උප සභාපති ජෝෂප් බොරෙල් මහතා විසින් යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී නැකො සැන්චෙස් ආමර් මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා පත්කර තිබේ.

මේ වසරේ ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම සඳහා නියෝජිතයන් යෙදවීම, රටතුළ විශ්වසනීය, විනිවිද පෙනෙන, සියල්ලන් ඇතුළත් සහ සාමකාමී මැතිවරණයකට සහාය දැක්වීම සඳහා අපගේ දිගුකාලීන කැපවීම තහවුරු කරන්නක් බව යුරෝපා කොමිසමේ උප සභාපති ජෝෂප් බොරෙල් මහතා පවසයි. යුරෝපා සංගමය මැතිවරණය නිරීක්ෂණය කිරීම ශ්‍රී ලාංකීය ජනතාවට සහ රට සමඟ අපගේ බහුමාන සහ තිරසර හවුල්කාරිත්වයට අනුකූලව ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමට දරන ප්‍රයත්නයන්ට සහාය වීමේ මාර්ගයක් බවද හෙතෙම පෙන්වා දී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ නිරීක්ෂණ කටයුතු සඳහා නායකත්වය ලබාදීමට අවස්ථාව ලැබීම ගෞරවයක් බවද ඉදිරි ජනාධිපතිවරණය 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදයට නව ජවයක් ලබාදෙන බවද යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී නැකො සැන්චෙස් ආමර් මහතා පවසයි. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට ගරුකරමින් ප්‍රතිසංස්කරණ සහ කල්පවත්නා ප්‍රකෘතිමත් වීමේ මාවතේ අඛණ්ඩව ප්‍රගතියක් ලබා ගැනීමට මෙම මැතිවරණය ශ්‍රී ලංකාවට වැදගත් බවද හෙතෙම පෙන්වා දී ඇත.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *