දේශීය

ඉන්දියාවේ සිට දැවි තෙල් ගෙනා නෞකාවේ 17කට කොරෝනා

ත්‍රිකුණාමල වරායේ පිහිටි ඉන්දියානු තෙල් සමාගමට ඉන්දියාවේ සිට දැවිතෙල් ගෙනා නෞකාවේ සිටි ඉන්දිය ජාතික කාර්ය මණ්ඩලයේ 17 දෙනාට Covid 19 වෛරසය වැළඳී ඇති බව සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.

ඉකුත් 25 වෙනිදා දැවිතෙල් මෙට්‍රික්ටොන් 4000ක් රැගෙන ඉන්දියාවේ සිට ත්‍රිකුණාමල වරායට පැමිණි මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයෙකු අසනීප වීම හේතුවෙන් මෙම PCR පරීක්ෂණ සිදුකර ඇති අතර එහි දී කාර්ය මණ්ඩලයේ 17 දෙනාට Covid 19 වැළඳී ඇති බව අනාවරණය වී ඇත.

එම PCR පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් අදාළ නෞකාවේ කාර්ය මණ්ඩලය නෞකාව තුළම රඳවා ගනිමින් ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් දැවිතෙල් නල මාර්ග ඔස්සේ ගොඩබෑම සිදුකර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?