විදේශීය

මෝදිගේ Twitter ගිණුමට හැකර් ප්‍රහාරයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ Twitter ගිණුමට හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අද (12) අලුයම එම ගිණුම හරහා ක්‍රිප්ටො කරන්සි නැමැති මුදල් ඒකකය පිළිබඳ පණිවිඩයක් මුදා හැර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ නමුත් මේ වන විට ගිණුම යථා තත්ත්වයට පත්කර ආරක්ෂාව තහවුරු කර ඇත.

නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ගිණුම පාලනයෙන් ගිලිහී තිබූ කාලය තුළ ඒ හරහා නිකුත් කර ඇති ට්විටර් පණිවිඩ නොසලකා හරින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *