Latestක්‍රීඩාදේශීය

තනුක, නුවනිඳු ගාල්ල කණ්ඩයමේ ජයග්‍රහණයට වේදිකාව සකසයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද පැවැති තරගයෙන් මහනුවර ෆැල්කන්ස් පිලට එරෙහිව ලකුණු 12 ක ජයක් වාර්තා කිරීමට ගාලු ග්ලැඩියේටර්ස් පිල සමත්වුණා. ග්ලැඩියේටර්ස් පිලේ ජයග්‍රහණය වෙනුවෙන් තනුක දාබරේ සහ නුවනිඳු ප්‍රනාන්දු ලබාගත් අර්ධ ශතක තීරණාත්මක විය.  

හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් (පන්දු 51කදී) සමගින් ලකුණු 70ක් රැස්කළ දාබරේ ග්ලැඩියේටර්ස් පිල වෙනුවෙන් නුවනිඳු ප්‍රනාන්දු සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 113ක තීරණාත්මක සබඳතාවක් ගොඩනැගූ අතර එම සබඳතාවය හේතුවෙන් විටක ලකුණු 10කට කඩුලු හතරක් දැවී තිබූ කණ්ඩායමට ලකුණු 153ක් දක්වා යමට හැකියාව හිමිවිය. ඔවුන්ගේ වාරයේදී මහනුවර කණ්ඩායමට රැස්කරගත හැකි වූයේ ලකුණු 141ක් පමණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *