Latestදේශීය

ගම්පොළ ත් භූකම්පනයක්

ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී භූකම්පනයක් සිදුව තිබෙනවා.

මෙම භූකම්පනය රාත්‍රී 10.49ට පමණ සිදුව ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරන්නේ.

මෙම භූකම්පනය රික්ටර් මාපක 2ක පමණ සුළු භූකම්පනයක් වන අතර එය මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන කම්පන මාපකවල සටහන්ව ඇති බව ද භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කර තිබෙනවා.

මෙහි කේන්ද්‍රය ලෙස පුපුරැස්ස ප්‍රදේශය හඳුනාගෙන ඇති බවයි  ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණිම් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *