Latestදේශීය

සම්බන්ධන් මහතාගේ අවසන් කටයුතු අද

ඉලංකෙයි තමිල් අරසු කච්චි හිටපු නායක, අභාවප්‍රාප්ත ආර්.සම්බන්ධන්ගේ අවමංගල්‍ය උත්සවයට තමිල්නාඩුවේ ප්‍රධාන දේශපාලනඥයන් කිහිප දෙනෙකු සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද(ජුලි 07 වැනිදා) ත්‍රිකුණාමලය පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

දේහය මේ වන විට යාපනය පක්ෂ මූලස්ථානයේ තැන්පත් කර ඇත.

අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට කැමති පිරිසට ත්‍රිකුණාමලය බලා යෑමට ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදීමට ඉලංකෙයි තමිල් අරසු කච්චි කටයුතු යොදා ඇත.

ආර්. සම්බන්ධන් මහතා පසුගියදා කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට අනූ එක් වන වියේ පසුවූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය.

නීතිඥයෙක් වූ ඒ මහතා, 1977 සිට 1983 දක්වා සහ 1997 සිට 2000 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද 2015 සැප්තැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළේය.

ඔහු යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද , කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *