සෙල්ලම් පිස්තෝල මතුවෙයි – නාමල්ගේ ජීවිතය අනතුරේ
ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ දැනුම් දී ඇතිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම සහ පොලිසිය කඩිනමින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ සිනමා ශාලාවේ පැවැති ජන හමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තිබේ.
තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිසිය පවසයි.
රැස්වීම පැවැත්වෙන අතරතුරදී පාසල් සිසුවෙකු හා විශ්වවිද්‍යාල සිසුවෙකු රැස්වීම් ශාලාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී එහි සිටි නිලධාරීන් පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී තරුණයන් සන්තකයේ ප්ලාස්ටික් පිස්තෝලයක් තිබී හමුවී තිබේ.
පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන වැලිමඩ පොලීසියට භාරදීමට කටයුතු කෙරිණි.
වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

