නාමල් හම්බන්තොටින් පිටවෙයි කුරුණෑගලින් මතුවෙයි
ලබන නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණය වෙනුවෙන් නාමල් රාජපක්‍ෂ ඔවුන්ගේ බලකඳවුර ලෙස සැලැකූ හම්බන්තොට දිස්ත්‍රික්කය අත්හැර පලා යාමට සූදානම් වන බව වාර්තා කර තිබේ.
අද (02දා) පළ කරන ලද ‘ලංකාදීප’ පුවත් පත මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබිණි. 2020 මහා මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ මහින්ද රාජපක්‍ෂ වැඩි ම මනාප ප්‍රමාණයක් ලබා ගත්තේ ය. නාමල් රාජපක්‍ෂ පසුගිය ජනාධිපතිවරණයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඡන්ද 26,707ක් ලබාගෙන තිබූ අතර, එය එම දිස්ත්‍රික්කයේ හතරවැනි ස්ථානය වී තිබිණි. රනිල් වික්‍රමසිංහ පවා ඔහු පරාජය කර ඡන්ද 33,217ක් ලබාගෙන ඇත. මේ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුරයක් හෝ ලබා ගැනීමට නොහැකි වන වටාපිටාවක නාමල් රාජපක්‍ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තීරණය කර තිබේ.
එම දිස්ත්‍රික්කයෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහු ඡන්ද 38,230ක් ලබාගෙන තිබිණි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

