ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමුවරට යුද හමුදාපතිධූරය කාන්තාවකට
ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමුවරට යුද හමුදාපති ධුරයට කාන්තාවක් පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 56 හැවිරිදි ලුතිනන් ජෙනරාල් සූසන් කෝයිල් එරට නව හමුදාපති ලෙස ලබන ජූලි මාසයේදී වැඩ ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
වසර 1987 දී හමුදා සේවයට එක්වී ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා ඇකඩමියේ නිලධාරිනියක ලෙස උපාධිය ලැබූ ඇය දශක තුනකට වැඩි හමුදා අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන අතර, ඒකාබද්ධ කාර්ය සාධක බළකායේ අණදෙන නිලධාරිනිය ලෙසත් කටයුතු කර තිබේ. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් සඳහා සක්‍රිය දායකත්වය ලබා දෙමින් ටිමෝරය, සොලමන් දුපත සහ ඇෆ්ගනිස්තානයේ යුද මෙහෙයුම්වලට ද එක්වූ බව වාර්තා වේ.
දරු තිදෙනකුගේ මවක වන සූසන් කෝයිල් අමෙරිකානු හමුදා යුද විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක ද වන අතර, ඇගේ සැමියා ද හමුදා නිලධාරියකු බව වාර්තා වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

