Latestදේශීය

කබ්රාල්ට වැඩ වරදී

ග්‍රීක බැඳුම්කරවල ශ්‍රී ලංකාවේ මහජන මුදල් යොදවා සිදුකරන ලද ඡාවාරම සම්බන්ධයෙන් වරදකරු වී සිටින හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නීතියේ සිදුරුවලින් රිංගායාමට දුරූ ප්‍රයත්නය මුළුමනින්ම පරජය කර තිබේ.

රුපියල් කෝටි 184ක දඩ මුදලක් ගෙවන බවට අජිත් නිවාඩ් කබ්රාල්ගේ නීතිඥයින් අධිකරණයට දැනුම්දීමෙන් පසුව ඒ වෙනුවෙන් කල් ලබාදී අධිකරණය ඉදිරියේ පනවා තිබූ චෝදනා ඉවත් කර ගනු ලැබීය. නමුත් අදාළ කලාසීමාව තුළ එම මුදල් ආපසු නොගෙවීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මහාධිකරණය ඉදිරියේ ප්‍රධාන චෝදනා දෙකක් යටතේ නඩු පැවරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නඩුව විභාගයට ගනු ඇතැයිද විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.

නඩු සමතකට පත් කර ගැනීමේ මුවාවෙන් රිංගා යාමට දැරූ උත්සාහය පරාජය කරමින් අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නඩු විභාගය නොදුරේදීම ආරම්භ කෙරෙනු ඇති බව නිරීක්ෂකයන් පෙන්වා දෙයි.

ගෝටාබය රාජපක්ෂ ජනාධිපති යටතේ මුදල් රාජ්‍ය ඇමති ලෙස සිටි අජිත් නිවාඩ් කබ්රාල් එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී පැය 24ක් ගතවීමටත් පෙර කැබිනට් ඇමතිවරයෙකුගේ බලතල සහිතව මහ බැංකු අධිපති ලෙස පත් කිරීමට තරම් රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු වී සිටියේය.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *