19 හැවිරිදි තරුණයා ඝාතන සිද්ධියට අදාල 05 දෙනෙක් අත්අඩංගුවට
ඉකුත් 22 වෙනිදින 19 හැවිරිදි තරුණයකු පැහැරගෙන ගොස් ගෙල සිරකර කැලණි ගඟේ ගිල්වා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව මට්ටක් කුලිය පොලිසිය සඳහන් කරයි.
පැහැර ගැනීමට යොදාගත් සුඛෝභෝගී මෝටර් රථයක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ කොළඹ 14 බ්ලූ මැන්ඩල් පාර පදිංචිව සිටි ශ්‍රී කාන්දන් බාත්තික්කුමාර් යන තරුණයාය.
සැකකරුවන් ඉකුත් 22 වෙනිදින මෝටර් රථයකින් ගොස් තරුණයා පැහැරගෙන මට්ටක්කුලිය කැලණි ගඟ දෙල්ගහවත්ත හන්දිය අසළ ඇති ගං ඉවුරට රැගෙන විත් රෙදි පටියකින් ගෙල සිරකර ඝාතනය කර වතුරේ ගිල්වා පලා ගොස් තිබිණි.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

