Latestදේශීය

මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලූව ලැක්ටෝවත්ත ප‍්‍රදේශයේ පිහිටි දහන උදුනේදී විනාශ කිරීම ඊයේ (27) දින සිදු විය. පසුගිය සමයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කරන ලද වැටලීම් මගින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය අතරින් හලාවත හා බලපිටිය අධිකරණයන්හිදී නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය විනාශ කිරීම ඒ අනුව සිදු විය.

ඒ අනුව හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 22ක් හා ග‍්‍රෑම් 888ක් ද කේරළ ගංජා කිලෝ 33 ග‍්‍රෑම් 172 ක් සහ ගංජා කිලෝ 247ක් හා ග‍්‍රෑම් 940ක් යන ප‍්‍රමාණයක් විනාශ කරන ලදි.

බලපිටිය හා හලාවත මහේස්ත‍්‍රාත්වරුන්ගේ අධීක්ෂණය යටතේත් ශ‍්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාත්, අධ්‍යක්ෂ එච්.එන්.පී.සී. හේරත් මහතාත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන්ගේත් සහභාගීත්වයෙන්ද මෙම මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම සිදු කරන ලදී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *