Latestදේශීයවිශේෂාංගසංස්කෘතික

ලංකාවේ පළමුවැනියා වූ ප්‍රසන්න

(උදිත ලක්මාල් කහඳවආරච්චි)

ජගත් සිනමා තලයේ ශ්‍රී ලාංකේය නාමය සනිටුහන් කරමින් අතිශය දුර්ලභ මොහොතක හිමිකරුවෙකු වෙමින් විශ්ව සිනමාවේ අසහාය නාමයක් බවට පත්වන්නට ප්‍රසන්න විතානගේ සමත් විය.

මොස්කව් සිනමා උළෙලේ අන්තර්ගත ප්‍රධාන ජූරියේ සභාපති ධූරයට පත්වීම් ලබමින්, එකී ධූරය දරන්නාට පමණක් හිමිවන ඓතිහාසික රන් ආලේපිත රිදී මාලය ගෙල පැළඳගනිමින් රුසියාවේ මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ 48 වෙනි අදියර නිළ වශයෙන් ශ්‍රී ලාංකේය සිනමා අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ විසින් විවෘත කරන ලදි.

ජාත්‍යන්තර සිනමා උළෙල ඉතිහාසය තුළ ලොව ප්‍රමුඛ පෙළ හා ලොව පැරණිතම සිනමා උළෙලක් විවෘත කිරීමට ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාව හිමිවූ පළමු අවස්ථාව මෙය වේ.

මොස්කව් උළෙලේ අතීතයේ පටන් සම්ප්‍රදායානුකූලව ජූරි සභාපති පළදින රන් ආලේපිත රිදී මාලය මොස්කව්හී සුප්‍රකට ශාන්ත බැසිල් ආසන දෙව්මැදුර, ස්පාස්කායා කුළුණ හා ශාන්ත ජෝර්ජ් ප්‍රතිමාව නිරූපිත පදක්කම් ත්‍රිත්වයකින් යුක්තවන අතර, ඒ තුළින් ‍බලය, ප්‍රඥාව හා යුක්තිය පිළිඹිබු කෙරේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *