දිස්ත්‍රික්ක 05කට නායයෑම් අනතුරු අඟවයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
අද (11) රාත්‍රී 9.00 දක්වා අදාළ බල පැවැත්වීම ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, කුරුණැගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල, අඹන්ගඟ කොරලේ, රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, වැල්ලවාය, රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
අදියර 1 යටතේ විමසිලිමත්බවින් සිටින ලෙස දන්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බව එම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

