Latestදේශීය

මාව මුහුදට තමයි දාන්න වෙන්නේ – ඩයනා ගමගේ කියයි

තමන් දැන් රටක් නොමැති සර­ණා­ග­ත­යෙක් නිසා පිටු­ව­හල් කළ­හොත් මුහු­දට දැමී­මට සිදු­වන බව හිටපු සංචා­රක රාජ්‍ය ඇමැ­තිනි ඩයනා ගමගේ මහ­ත්මිය කොළඹ මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ සාක්ෂි දෙමින් සංවේ­දීව හඬා වැල­පෙ­මින් පසු­ගි­යදා ප්‍රකාශ කළාය. 2024 වසරේ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දු­වෙන් පසු නීතිඥ උප­දෙස් අනුව ශ්‍රී ලංකාවේ පුර­වැ­සි­භා­වය සඳහා අය­දු­ම්ප­තක් ඉදි­රි­පත් කළ එම කාර­ණය සම්බ­න්ධ­යෙන් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු කිහි­ප­යක් පවරා තිබෙන නිසා එම අය­දුම් පත්‍රය බහා තබන ලෙස ආග­මන විග­මන පාල­කට උප­දෙස් දුන් බව පැව­සීය.

මේ වන විට තමන් උපන් රට වන ශ්‍රී ලංකාවේ පුර­වැ­සි­භා­වය අහෝසි වී ඇති අතර, එංග­ලන්ත පුර­වැ­සි­භා­ව­යෙන් ද ඉවත් වී ඇති බැවින් තමන් කිසිදු රට­කට අයිති නැති ‘රටක් නොමැති පුර­වැ­සි­යකු’ බවට පත්ව ඇතැයි ඇය වරි­න්වර සංවේ­දීව හඬ­මින් සාක්ෂි දෙමින් කියා සිටි­යාය.

ව්‍යාජ උප්පැ­න්න­යක් ඉදි­රි­පත් කර හැඳු­නු­ම්ප­තක් ලබා ගැනී‍ෙම් සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් පව­රන ලද නඩු­වක් කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු නදී අපර්ණා මහ­ත්මිය ඉදි­රියේ විභා­ග­යට ගත් අව­ස්ථාවේ විත්ති­කා­රිය මේ බව පවසා සිටි­යාය.

ශ්‍රී ලංකාව තුළ තමන්ගේ කියා කිසි­වකු නැති බවත්, තමන්ගේ සිය­ලුම ඥාතීන් ජීවත් වන්නේ එංග­ල­න්තයේ බවත් විත්ති­කා­රිය වැඩි­දු­ර­ටත් කීවාය. මෙරට තුළ තමන්ට තිබූ සිය­ලුම දැන­හැ­ඳු­නු­ම්කම් සහ සබ­ඳතා හිටපු සැමියා වන සේනක ද සිල්වා නමැත්තා ක්‍රමා­නු­කූ­ලව විනාශ කර දැමූ බව ද ඇය දැඩි සංවේ­දී­තා­ව­යෙන් යුතුව අධි­ක­ර­ණ­යට ප්‍රකාශ කළාය.

තමන් 20 වැනි ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට දැඩි ලෙස විරු­ද්ධව සිටි බවත් හිටපු සැමි­යාගේ බල කිරීම හේතු­වෙන් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ රජ­යට සහය පළ කර­මින් එම පන­තට පක්ෂව ඡන්දය දීමට සිදුවූ බවත් පැව­සු­වාය.

20 වැනි සංශෝ­ධ­න­යට ඡන්දය දීමෙන් පසු සමගි ජන බල­වේ­ගයේ මන්ත්‍රී­ව­රුන් තමන්ට කායි­කව මෙන්ම මාන­සි­කව ද දැඩි ලෙස හිංසා පීඩා කළ බවත්, අව­සා­න­යේදී තමන්ට ආණ්ඩු­වට එකතු වීම හැර වෙනත් වික­ල්ප­යක් නොති­බුණු බව සඳ­හන් කළාය.

තමන් රාජ්‍ය ඇමැ­ති­ව­රි­යක ලෙස කට­යුතු කරන සමයේ හිටපු සැමියා යුක්රේන ජාතික කාන්තා­වක සමඟ අනි­යම් සබ­ඳ­තා­වක් පව­ත්වා­ගෙන ගිය බවත්, එම හේතුව මත තමන් ඔහු­ගෙන් වෙන්වී­මට පිය­වර ගත් බවත් විත්ති­කා­රිය මෙහිදී අනා­ව­ර­ණය කළාය. ඉන්ප­සුව තමන්ට එරෙ­හිව කොළඹ වාණිජ අධි­ක­ර­ණය හැර අනෙ­කුත් සෑම උසා­වි­ය­කම පාහේ නඩු පව­රනු ලැබූ බවත්, එම සියලු නඩු­ක­ර­යන් පිටු­පස සිටින්නේ තමන්ගේ හිටපු සැමියා බවත් ඇය අධි­ක­ර­ණය හමුවේ නැව­තත් සංවේදී වෙමින් කියා සිටි­යාය.

තමන් ව්‍යාජ උප්පැන්න සහ­ති­ක­යක් ඉදි­රි­පත් කර­මින් ජාතික හැඳු­නු­ම්ප­තක් ලබා­ගත් බවට පැමි­ණිල්ල ඉදි­රි­පත් කරන ලේඛ­න­ගත චෝදනා ප්‍රති­ක්ෂේප කරන බව පැවසූ ඩයනා ගමගේ මහ­ත්මිය, තමන් ජීවි­තයේ කිහිප වතා­වක්ම නම සංශෝ­ධ­නය කර තිබුණ ද උප්පැන්න සහ­ති­කය සංශෝ­ධ­නය කිරීමේ අව­ශ්‍ය­තා­වක් කිසි­ලෙ­ස­ක­වත් මතු නොවූ බවත් කියා සිටි­යාය.

ශ්‍රී ලංකාවේ පුර­වැ­සි­යකු නොවන බව දැන දැනම විත්ති­කා­රි­යගේ නම ‘ඩයනා ගමගේ‘ යනු­වෙන් නීත්‍යා­නු­කූල ලෙස සංශෝ­ධ­නය කර නොති­බි­යදී එම නම සඳ­හන් හැඳු­නු­ම්ප­තක් ලබා ගැනීම සඳහා පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් රැව­ටීමේ අද­හ­සින් අංක 4658 දරන කූට උප්පැන්න ලේඛ­න­යක් පාන­දු­රේදී හෝ කොළ­ඹදී සකස් කිරීම, ඒ සඳහා අනු­බල දීම යන වර­ද­වල් සඳහා නඩු පැව­රීම සිදුව තිබේ.

නයනා සම­න්මලී නොහොත් ඩයනා නටාෂා කැකු­ණ­දුර නොහොත් ඩයනා ගමගේ නමැ­ත්තිය 2004 වසරේ ඔක්තෝ­ම්බර් 09දා සහ දෙසැ­ම්බර් 01 අතර කාලය තුළදී ව්‍යාජ හැඳු­නු­ම්ප­තක් ආග­මන විග­මන පාල­ක­ව­ර­යාට ඉදි­රි­පත් කර විදේශ ගමන් බල­පත් ලබා ගෙන ඇත. විත්ති­කා­රි­යට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් අධි­චෝ­දනා 3ක් යටතේ දණ්ඩ නීති සංග්‍ර­හයේ 32, 102, 457, 459 යන වගන්ති යටතේ 2024 වසරේ ජූනි 06දා චෝදනා ගොනු කර තිබේ.

විත්ති­කා­රි­යගේ සාක්ෂි­යෙන් අන­තු­රුව නඩුව ලබන ජූනි මස 2 වැනිදා යළි කැඳ­වී­මට අධි­ක­ර­ණය නියෝග කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *