දුරකථන ඇමතුම් 53ක් පිළිබද මුජිබර්ගෙන් CIDය ප්‍රශ්න කරයි
සමගි ජන බලවේගයේ (SJB) කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් සහ බෝගම්බර බන්ධනාගාරයේ (පල්ලෙකැළේ) බන්ධනාගාරගතකර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරුවෙකු අතර දුරකථන ඇමතුම් 53 ක් හුවමාරු වී ඇති බව විමර්ශකයින් අනාවරණය කර ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
බන්ධනාගාරගත රැඳවියා සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ජංගම දුරකථනයක් සොයා ගැනීමෙන් පසුව ඒ පිලිබදව සිදුවෙමින් පවතින පරීක්ෂණයකදී මෙම දුරකථන සංවාදය පිලිබදව හෙළිදරව් වී ඇත.
ජංගම දුරකථන උපාංගය සවිස්තරාත්මකව පරීක්ෂා කිරීමේදී ඇමතුම් වාර්තා හඳුනාගෙන ඇති බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අතර කාලයක සිට මෙම සමීප සබදතාවය පවත්වාගෙන ගොස් ඇති බවද අනාවරණය වී තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

