කස්සප හිමි ඇතුළු 06 දෙනෙකුට වරෙන්තු
2022 වසරේ ජූලි මස 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ඇතුළුවීමක් සිදුකළ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටි කාශ්‍යප හිමි ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ (27) නියෝග කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටි මේ සැකකරුවන් ලබා දී ඇති ලිපිනවල නොමැති බවට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය කළ දැනුම්දීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය.
රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලද ඡායාරූප හඳුනාගැනීමේ පරීක්ෂාවට අදාළ වාර්තාව ජනවාරි මස 28දා ලැබී ඇති බවත්, රජයේ රස පරීක්ෂකවරයා යෝජනා කිහිපයක් යොමු කර ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේ පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව, ප්‍රවීණ නිළි දමිතා අබේරත්න, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සමරසිංහ ඇතුළු ඇප මත මුදා හැර ඇති සැකකරුවෝ 43 දෙනෙක් නඩුව කැඳවූ අවස්ථාව්දී විවෘත අධිකරණයේ පෙනී සිටියහ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

