Latestදේශීය

යෝෂිත රාජපක්ෂගේ තවත් නඩුවක් ජූලි 31 කැදවයි

යෝෂිත රාජපක්ෂ පුද්ගලික බැංකුවක පවත්වා ගෙන යන ගිණුමකට රුපියල් මිලියන 17ක් බැර කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හෝමාගම මහාධිකරණයේ විභාග වෙමින් පවතී.

ඊයේ (27) එම නඩුව නැවත විභාගයට ගත් අවස්ථාවේ යෝෂිත රාජපක්ෂගේ විදෙස් ගමන් බලපත්‍ර තහනම තාවකාලිකව ඉවත් කරන මෙන් ඔහුගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ. එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය යෝෂිත රාජපක්ෂගේ සමීපතම ඥාතියෙකුගේ විදෙස් ගමන් බලපත්‍රය සහිතව ඇපකරුවෙකු ඉදිරිපත් කරන ලෙස දන්වා ඇති අතර, එසේ ඉදිරිපත් කරන්නේ නම් ඉල්ලීම සලකා බැලිය හැකි බව ප්‍රකාශ කර ඇත.

යෝෂිත රාජපක්ෂගේ සමීපතම ඥාතියෙකු (බාප්පා) වන බැසිල් රාජපක්ෂ අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින නඩුවලට ඉදිරිපත් නොවීම නිසා වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම නඩුව පිළිබඳ වැඩි දුර විභාගය ජූලි 31 වෙනි දිනට කල් තබා ඇත. මේ අතර, ඩේසි ආච්චිගේ මැණික් මලු සම්බන්ධ කරමින් අධිකරණය නොමඟ යැවීමට මීට පෙර උත්සාහ කළ නඩු විභාගයක් ද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ම කොළඹ මහාධිකරණය ඉදිරියේ විභාග කෙරෙමින් පවතී.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *