චීන ජනපතිට උතුරු කොරියාවේ විශේෂ සංස්කෘතික ප්‍රසංගයක්
කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, චීන ජනාධිපති ෂී ජින් පිං සහ බිරිඳ Peng Liyuan ඊයේ (08) රාත්‍රියේ Pyongyang ක්‍රීඩාංගනයේදී උතුරු කොරියාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ පිරිස් සමඟ විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් නැරඹීමට එක් වූහ.
උතුරු කොරියානු කම්කරු පක්ෂයේ මහලේකම් සහ රාජ්‍ය කටයුතු කොමිසමේ සභාපති Kim Jong-un සහ බිරිඳ Ri Sol Ju ද මේ අවස්ථාවට එක් විය.
රාත්‍රී 9:00 ට පමණ, ෂී ජින් පිං සහ බිරිඳ Peng Liyuan, Kim Jong-un සහ බිරිඳ Ri Sol Ju සමග ක්‍රීඩාංගනයේ වේදිකාව මතට පිවිසීමත් සමඟ රැස්ව සිටි ප්‍රේක්ෂකයින් සහ රංගන ශිල්පීන් උද්යෝගිමත්ව අත්පොළසන් දෙමින් ගරු බුහුමන් දක්වන්නට විය. චීන සහ උතුරු කොරියානු ජනතාව අතර මිත්‍රශීලී හැඟීම්වලින් පිරී තිබූ මෙම ප්‍රසංගය උද්යෝගිමත් සහ විශිෂ්ට අවස්ථාවක් විය.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

