Latestදේශීය

කෝටි 10ක අයිස් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම් හා සංවිධානත්මක අපරාධ මෙහෙයවූ දෙදෙනකු වන පොඩි සුරේෂ් සහ සංඛ සමීර යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ සාමාජිකයකු රුපියල් කොටි 10කට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පසුගිය දා (19) වන දින රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගනේමුල්ල කැන්දලියද්ද පාළුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, විශේෂ කාර්ය බළකාය ගෝනහේන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවය.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 06, ග්‍රෑම් 288ක්, විද්‍යුත් තරාදියක්, ජාවාරමින් උපයාගත් මුදල්ද තොගයක්ද සැකකරු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *