Latestදේශීය

පළාත් සභා තිබ්බොත් අපි දිනනවා – සජිත් ප්‍රේමදාස

පළාත් සභා තිබ්බොත් සමගි ජන බල­වේ­ගය අනි­වා­ර්ය­යෙන් දින­නවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

ජූනි 23 වැනි­දාට යෙදී ඇති හිටපු ජනා­ධි­පති රණ­සිංහ ප්‍රේම­දාස මහ­තාගේ ජන්ම දින සැම­රුම වෙනු­වෙන් රුපි­යල් ලක්ෂ 30කට වැඩි වටි­නා­ක­මක් ඇති හිමෝ ඩය­ල­සීස් යන්ත්‍ර­යක් මහ­නු­වර ජාතික රෝහ­ලට ලබා­දී­මට ඒ මහතා පෙරේදා (20) පැමි­ණි­යේය. එහිදී මල්වතු පාර්ශ්වයේ මහා­නා­යක තිබ්බ­ටු­වාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමං­ගල මහා නායක මාහි­මි­පා­ණන් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක දිඹු­ල්කු­ඹුරේ විම­ල­ධම්ම අනු­නා­යක හිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහා­නා­යක වර­කා­ගොඩ ධම්ම­සිද්ධි ශ්‍රී පඤ්ඤා­නන්ද ඥාන­ර­තන මහා නායක මාහි­මි­ව­රුන් මුණ­ගැ­සී­මෙන් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් පළ­ක­ර­මින් එසේ පැව­සීය.

එහිදී ඒ මහතා මෙසේද කීවේය.

පළාත් සභා මැති­ව­ර­ණය ලබා ගැනී­මට අවශ්‍ය සිය­ලුම ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ක්‍රියා­දාම පාර්ලි­මේ­න්තු­වේත් ඉන් පිට­තත් සිදු කිරී­මට අපේ­ක්ෂා­වෙන් සිටි­නවා. රජය ජන­තාව ලබා දුන් අසී­මිත බලයේ, විශේ­ෂ­යෙන් පාර්ලි­මේ­න්තුවේ විවිධ කමිටු, තේරීම් කාරක සභා ඔවුන්ගේ ග්‍රහ­ණ­යට ගෙන ඔවුන්ට අවශ්‍ය ආකා­ර­යට හසු­රු­ව­මින් යනවා. දැන්වත් රටේ ලක්ෂ 220ක් ජන­තාව මොවු­න්ගෙන් පාඩ­මක් ඉගෙන ගත යුතුයි. ඉදිරි මැති­ව­ර­ණ­ව­ලදී කිසිම පාර්ශ්ව­ය­කට විශාල මන්ත්‍රී නියෝ­ජ­න­යක් අවශ්‍ය වන්නේ නැහැ. සාමාන්‍ය සුළු බහු­ත­රය පම­ණක් ප්‍රමා­ණ­වත්.

මොවුන් ප්‍රජා­තන්ත්‍ර ක්‍රම­වේ­ද­යෙන් බලය ලබා­ගෙන අද ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය හකුළා දාලා. තනි පක්ෂ පාල­න­ය­කට රට ගෙන යෑමක් දක්නට ලැබෙන හෙයින් එයට ඉඩ තැබිය නොහැ­කියි.

පක්ෂ­යක් ලෙස සමගි ජන බල­වේ­ගය මෙරට දුගී දුප්ප­ත්කම තුරන් කිරීමේ ප්‍රධාන වැඩ­පි­ළි­වෙළ නිර්මා­ණය කර ක්‍රියා­ත්මක කරන්න අපේක්ෂා කර­නවා. අප රටේ ජන සමා­ජයේ සෑම අංශ­ය­කම සෑම ජන කොට්ඨා­ස­ය­කම දුප්ප­ත්කම වැඩි වී තිබෙ­නවා. 30-40% අතර ප්‍රමා­ණ­යක් දුප්ප­තුන් වෙලා. ආහාර හා ආහාර නොවන අව­ශ්‍යතා සපුරා ගත නොහැකි වෙලා. මේ දුප්ප­ත්ක­මෙන් ජන­තාව මුදා ගැනී­මට ජාතික වැඩ­පි­ළි­වෙ­ළක් අව­ශ්‍යයි. ජන­තා­වට තව­දු­ර­ටත් බොරු නොකියා සහන දෙන්න රජය කට­යුතු කළ යුතුයි. පාකි­ස්තා­නය පවා තෙල් මිල අඩු කර ඇති මොහො­තක රජය එය අඩු නොක­රන්නේ ඇයි ද කියා ගැට­ලු­වක් තිබෙ­නවා. රජය තෙල් මිල සේම විදුලි බිල ද අඩු කළ යුතුයි.

රජ­යට ජනතා බලය ලැබී ඇති නිසා ජන­තාව වෙනු­වෙන් හොඳ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළ හැකියි

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *