Latestදේශීය

71 සහෝදරයන්ට මමත් උදව් කළා – චන්ද්‍රිකා කියයි

වර්ත­මා­නයේ අප ජීවත් වන්නේ සහෝ­ද­ර­යන්ගේ යුග­යක බවත්, 1971 දී මෙරට තරු­ණ­යන් පිරි­සක් විප්ල­ව­යක් කළ අව­ස්ථාවේ තමන්ද ඔවුන්ට සහාය දුන් බවත් හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මිය ප්‍රකාශ කළාය.

ඇය මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ ශාලා­වේදී පසු­ගිය 18දා පැවැති, මහා­චාර්ය ජය­දේව උය­න්ගොඩ මහ­තාගේ ‘මා කෙසේ පව­සම්’ නමැති කවි පොතේ පුනර් මුද්‍ර­ණය දොරට වැඩීමේ උත්ස­ව­යට සහ­භාගි වෙමිනි.

මහා­චාර්ය ජය­දේව උය­න්ගොඩ මහතා 1971 කැරැල්ලේ විත්ති­ක­රු­වකු ලෙස බන්ධ­නා­ගා­ර­ග­තව සිටි­යදී මීට වසර 50කට පෙර මේ කවි පොත රචනා කර තිබේ.

එකල තමන් වාමාං­ශික හා රැඩි­කල් විප්ල­ව­වාදී අද­හස් දැරූ තරු­ණි­යක වූ බව සිහි­පත් කළ හිටපු ජනා­ධි­ප­ති­නිය, මහා­චාර්ය කුමාරි ජය­ව­ර්ධන මහ­ත්මි­යගේ නිවෙසේ පැවැති දේශ­පා­ලන සාක­ච්ඡා­ව­ලදී ජය­දේව උය­න්ගොඩ වැනි ප්‍රග­ති­ශීලී උගත් තරු­ණ­යන් හමුවූ බව පැව­සු­වාය.

සෝවි­යට් දේශය බිඳ වැටී­මට සහ චීනය විවෘත ආර්ථි­කය වැලඳ ගැනී­මට පෙර පැවති එම අව­ධිය බොහෝ තරු­ණ­යන් රැඩි­කල් විප්ල­ව­යක් කෙරෙහි විශ්වා­සය තැබූ කාල­යක් වූ බවද ඇය පෙන්වා දුන්නාය.

සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක රජ­යට එරෙ­හිව දේශ­පා­ලන වෙන­සක් සඳහා කැරලි ගැසූ තැනැ­ත්තකු සිර­ග­තව සිටි­යදී ලියූ කවි පොතක් එළි­දැ­ක්වීමේ අව­ස්ථා­වක එම අග­මැ­ති­නි­යගේ දිය­ණිය ලෙස අද­හස් දැක්වී­මට ලැබීම ආශ්ච­ර්ය­වත් සිද්ධි­යක් බව ඇය මෙහිදී සඳ­හන් කළාය.

ප්‍රති­වි­රුද්ධ දේශ­පා­ලන මත දැරූ­වන්ට පසුව පොදු අර­මු­ණක් වෙනු­වෙන් සහ­යෝ­ග­යෙන් කට­යුතු කිරී­මට හැකි­වීම මෙරට දේශ­පා­ලන සංස්කෘ­තියේ සුවි­ශේෂී ලක්ෂ­ණ­යක් බවද ඇය කියා සිටි­යාය.

තමාද ප්‍රති­වි­රුද්ධ දේශ­පා­ලන අද­හස් දැක්වූ­වන් සමඟ සහ­යෝගී දේශ­පා­ල­න­යක යෙදුණු බව අතීත සිද්ධි­යක් විස්තර කර­මින් කියා සිටි­යාය.

71 කැරැල්ල පරා­ජය වීමෙන් පසු අත්අ­ඩං­ගු­වට ගත් තරු­ණ­යන්ට එල්ල වූ වධ­හිං­සා­වන්ට විරෝ­ධය දැක්වීම සඳහා තමන් ප්‍රංශයේ සිට හා සිය සොහො­යු­රිය වන සුනේත්‍රා බණ්ඩා­ර­නා­යක එංග­ල­න්තයේ සිට මැදි­හත් වූ ආකා­ර­යද හිටපු ජනා­ධි­ප­ති­නිය මෙහිදී අනා­ව­ර­ණය කළාය.

තමන් ඇතුළු මාක්ස්වාදී මත දැරූ සර­සවි සිසුන් පිරි­සක් අග­මැ­ති­නිය වෙත ඉදි­රි­පත් කිරී­මට පෙත්ස­මක් සකස් කළ බවත්, කැරැ­ලි­ක­රු­වන්ගේ අර­මුණ රට විනාශ කිරීම නොව යහ­පත් හෙට දව­සක් සඳහා වූ උතුම් අර­මු­ණක් බැවින් ඔවුන්ට වධ­හිංසා නොකොට නීත්‍ය­නු­කූ­ලව කට­යුතු කරන ලෙස ඉල්ලා සිටි බවත් ඇය පැව­සු­වාය.

මේ පෙත්ස­මට තමන් ප්‍රථ­ම­යෙන් අත්සන් තැබූ අතර ප්‍රංශයේ සිටි ප්‍රසිද්ධ දාර්ශ­නි­ක­යන් වූ ශොන් පොල් ශාස්ත්‍රේගේ සහ සීමොන්ද බෝවාගේ අත්සන් ලබා ගැනී­මට තමන් සමත් වූ බව ඇය සඳ­හන් කළාය.

පෙත්සමේ තොර­තුරු ලේක්හ­වුස් ආය­ත­නය මගින් ප්‍රසිද්ධ කරන ‘ඔබ්ස­වර්’ පුව­ත්ප­තෙන් දැක­ගත් සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක අග­මැ­ති­නිය, තම දිය­ණිය මෙවැනි දෙයක් කරනු ඇතැයි බලා­පො­රොත්තු නොවූ බවට ලිපි­ය­කින් දන්වා එවූ බව හිටපු ජනා­ධි­ප­ති­නිය සිහි­පත් කළාය.

මෙවැනි මැදි­හ­ත්වීම් හරහා ජවිපෙ තරු­ණ­යන්ගේ ජීවිත බේරා ගැනී­මට හැකි වූ බවත්, කරු­ණා­වන්ත තැනැ­ත්ති­යක වූ තම මව අව­සා­න­යේදී සහ­න­ශීලී පිළි­වෙ­තක් අනු­ග­ම­නය කළ බවත් ඇය වැඩි­දු­ර­ටත් පැව­සු­වාය.

මහා­චාර්ය ජය­දේව උය­න්ගොඩ මහතා මෙරට දේශ­පා­ලන සහ සමාජ සංවා­ද­යට ලබා­දුන් සුවි­ශාල දාය­ක­ත්වය අගය කර­මින් හිටපු ජනා­ධි­ප­ති­නිය සිය කතාව නිම කළාය. මහා­චාර්ය සරත් විජේ­සූ­රිය මහතා Òසිර­කරු විලා­පයේ ආත්මා­ප­දා­නය, කාව්‍යා­ලං­න­කා­රය සහ දේශ­පා­ල­නයÓ මැයෙන් දේශ­න­යක් පැවැත්වූ අතර කර්තෘ­ව­රයා හා මහා­චාර්ය සසංක පෙරේරා සහ­භාගි වූ කෘතියේ පසු­බිම විස්තර කෙරෙන සංවා­ද­යක්ද සිදු­විය. 71 කැරැ­ල්ලට සම්බන්ධ වූ තැනැ­ත්තන්, විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­වරු, කලා­ක­රු­වන් ඇතුළු විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *