ගම්පහ ඔස්මන්ගේ බැංකු ගිණුම් විමර්ශනය අරඹයි
ගම්පහ ඔස්මන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම පසුගිය 06 වනදා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.
ඒ, අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද ඉල්ලීමකට අනුවය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කර ඇත්තේ, ගනේමුල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවකු වන ගම්පහ ඔස්මන් නමැත්තාගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අවශ්‍ය බවය.
ඔහුගේ නිවසේ තිබී කෙහෙල්බද්දර පද්මේගේ රතු නිවේදනයේ කොපියක් සහ වෙඩි තබා ඝාතනයට ලක් වූ ගණේමුල්ල සංජීවට එරෙහිව පවතින පෙර වැරදි ලේඛනයක් හමුවී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය පෙර නඩු දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබිණි.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

