Latestවිදේශීය

ප්‍රංශයේ මරණ 6000 දක්වා ඉහළට

2026 ජුනි අග භාගයේ ඇති වූ අධික උෂ්ණත්වය හේතුවෙන් ප්‍රංශයේ මරණ 6,000ක් සිදු වූ බව ප්‍රංශ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජුලි 22 බදාදා ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකින් පිළිගෙන ඇත. ජූලි 22 වන බදාදා ප්‍රකාශයට පත් කරන ලද ප්‍රංශයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (SPF ) පවසන්නේ මෙම මරණ අතර අවුරුදු 15 සිට සියලුම වයස් කාණ්ඩවලට බලපෑ ඇති අතර එය පැරීසිය අවට කලාපය තුල පමණක් ඉහල අගයක් පෙන්නුම් කර ඇත. පැරීසිය අවට මරණ 2000ක් සිදු වී ඇත.

ජුනි 24 සහ 25 දින දෙක ප්‍රංශයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම දින වූ අතර එය පළමු වරට පැය 24 ක් තුළ සාමාන්‍ය 30°C දක්වා ළඟා වූ බව එම වාර්තාව පෙන්වා දේ. රටපුරා නගර කිහිපයක වාර්තාගත උපරිම උෂ්ණත්වයන් සමඟ තාපය ආන්තික මට්ටම් කරා ළඟා වූ බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය: උදාහරණයක් ලෙස, Bordeaux හි 42.5°C, paris හි 40.1°C, Niort හි 42.7°C, Brive හි 43°C සහ Saintes හි 43.8°C.

කෙසේවෙතත් මෙම වාර්තාව තවදුරටත් පෙන්වා දෙන්නේ මේ දක්වා, ජුනි 17 සිට ජූලි 2 දක්වා කාලය තුළ සියලුම හේතූන් නිසා අතිරික්ත මරණ 5,764 ක් වාර්තා වී ඇති බවය. මෙම කාල පරිච්ඡේදය පිළිබඳ SPF හි දෙවන වාර්තාවට අනුව, ජූලි මස මුලදී නිකුත් කරන ලද මූලික සංඛ්‍යාලේඛනවලින් පසුව මෙම කාලය තුළ රටේ මුළු මරණ (අධික උෂ්ණත්වය නිසා හා වෙනත් ස්වභාවික) මරණ 21,674 ක් නිරීක්ෂණය වූ අතර එය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා 36.2% වැඩිය. ජුනි 22 වන දින සිට මරණ වැඩිවීම විශේෂයෙන් ප්‍රකාශ වූ අතර ජුනි 26 වන දින උපරිමයට පැමිණියේය. අතිරික්ත මරණවලින් අඩකට වඩා (56%) ජුනි 25 සිට 27 දක්වා දින තුනක් තුළ, රට පුරා වාර්තා වී තිබිණි.

අධික උෂ්ණත්වය හේතුවෙන් සිදු වූ මරණ ප්‍රධාන වශයෙන් වැඩිහිටියන්ට බලපාන නමුත් අවුරුදු 15 සිට ඊට වැඩි සියලුම වයස් කාණ්ඩවලට “පෙර නොවූ විරූ ආකාරයකින්” බලපා ඇති බව ප්‍රංශ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (SpF) සඳහන් කරයි.

 වයස අවුරුදු 75 සහ ඊට වැඩි පුද්ගලයින් අතිරික්ත මරණවලින් තුනෙන් දෙකකට හේතු වී ඇති අතර, සියලු හේතූන් නිසා මරණ 3,719 කි. අනෙකුත් වයස් කාණ්ඩවල, අවුරුදු 45-64 අතර සියලුම හේතු මරණ 55.4% කින් ඉහළ ගොස් ඇති අතර, එය අතිරික්ත මරණ 979 ක් නියෝජනය කරන අතර, අවුරුදු 15-44 අතර 29.6% කින් ඉහළ ගොස් ඇති අතර, එය අතිරික්ත මරණ 118 ක් නියෝජනය කරයි. මෙම කාලය තුල රෝහල්, නිවාස සහ සාත්තු නිවාස වල සිදු වූ මරණ 21,674 න් 46% ක් රෝහල්වල, 34% ක් නිවසේදී සහ 16% ක් සාත්තු නිවාසවල සිදු විය.

ප්‍රංශයේ 2003 දීත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් වනුයේ ජීවිත 15,000 ක් අහිමි වූ බවය. නමුත් වසර 23 කට පෙර, සෞඛ්‍ය සේවා පහසුකම් (රෝහල්, සාත්තු නිවාස, ආදිය) අදට වඩා බෙහෙවින් අඩු සූදානමකින් යුක්ත වූ බව ඔවුන් පෙන්වා දේ.

“වසර විසිතුනකට පෙර, අපි අධික උෂ්ණත්වය ගැන කිසිවක් දැන සිටියේ නෑ . හිරු හා තාපය වැඩිවීම මගින් මරණයට හේතු විය හැකි යැයි අපි සිතුවේ නෑ. ඒ අවස්ථාවේ දී, සියලු දෙනා පුදුමයට පත් වූ අතර කිසිවෙකුට සිදුවන්නේ කුමක්දැයි වහාම වැටහුණේ නැත,” යයි ප්‍රංශ වැඩිහිටි ප්‍රජාව නියෝජනය කරන අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ (AD-PA) සභාපති පැස්කල් චැම්ප්වර්ට් සිහිපත් කළේය.

ඒ අනුව 2003 සිට උෂ්ණත්වය ඉහළ යාම නිසා 15000ක් මිය යාමෙන් පසුව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික සෞඛ්‍ය කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කළ අතර පුරවැසියන් වෙත සිදුවන සෞඛ්‍ය බලපෑම් වැළැක්වීම සහ සීමා කිරීම, වැඩිහිටි ප්‍රජාව, රෝගීන් හා කුඩා දරුවන් පිලිබඳව වැඩි අවධානයක් යොමු කිරීම, සෙවන සහිත ස්ථාන නිර්මාණය කිරීම, සමස්ථ රටම එවැනි අවස්ථාවක ක්‍රියාත්මක විය යුතු ආකාරය දිනපතා දැනුවත් කිරීම වැනි පියවර එතැන් සිට ගෙන තිබුනද මෙවර දීත් පුද්ගලයින් 6000කට අධික පිරිසක් ප්‍රංශයේ මිය ගොස් ඇත.

මෙවර වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වනුයේ නිවෙස් වල තනියෙන් ජිවත් වූ වයස 70 ට වඩා වූ වැඩිහිටි ප්‍රජාව බව එම වාර්තාව තව දුරටත් පෙන්වා දේ. 2026 ජුනි 22 සඳුදා සහ ජුනි 28 ඉරිදා අතර කාලය තුළ, එම මහජන සෞඛ්‍ය වාර්තාව පවසන්නේ නිවාසවල හෝ මහල් නිවාසවල තිබී හමු වූ පණ නැති මළ සිරුරු 91% කින් වැඩි වී ඇති අතර එය අතිරේක මරණ 605 ක් මෙම මරණ 6000 තුල නියෝජනය කරනු ලබන බවයි.

එසේම මෙවර රෝහල් හා අදාහනගාර රෝගීන් ගෙන් හා මිනි වලින් පිරි ගොස් ඇත්තේ ඉතාමත් කෙටි කාලයක් තුල දී වේ. එහිදී ඉක්මන් සෞඛ්‍ය ආධාර නොමැති වීම, වෛද්‍යවරුන් හා හෙදියන් ඇතුළු පිරිස් හිඟකම වැනි කාරණා ද මෙම මරණ වලට හේතු වී ඇති බව එරට වාමාංශික සංවිධාන හා වෘත්තීය සමිති පෙන්වා දේ. රජය සෞඛ්‍ය වියදම් කපා දැමීම, ICU ඇඳන් ලක්ෂයක් වසර 10 ක කාලයක් තුල ඉවත් කිරීම ද මෙයට හේතුන් ලෙස ඔවුන් ඉදිරිපත් කරනු ලබයි.

ඔවුන් පෙන්වා දෙන්නේ සිදු වූ මරණවලින් හතරෙන් තුනක්ම නිවෙස් තුල සිදු වූ අතර අධික තාපයට නිරාවරණය වීම නිසා ඒවා සිදු වී ඇත. වායු සමීකරණ නොමැති දුර්වල නිවාස ඉදිකිරිම, මහල් නිවාස ඍජුවම තාපයට නිරාවරණය වීම, නිදන කාමර කුඩාවීම, නිවාඩු ගතකිරීම සඳහා යාමට මුදල් නොමැතිවීම හා ඒ සඳහා ආධාර නොමැතිවීම යන හේතු ලෙස ඉදිරිපත් කරන අතර  අවසානයේ කොන්ක්‍රීට් කුළුණු ආකාරයේ නිවාස, දහස් ගණනක් මිනිසුන් මරා දමා ඇත.

නව ලිබරල් වාදි වෙළඳපල ආර්ථිකය මගින් පාලනය වන සමාජයක අසමානත්මතාවය උත්සන්න කරමින් ජනතාව කුඩා කාමර වලට, නිවෙස් වලට හුදකලා කිරීම හේතුවෙන් මෙම තත්වය අනාගතයේදී තවත් උග්‍ර වනු ඇති බවට ඔවුන් අනතුරු හඟවා සිටි.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *