පිල්ලෙයාන්ට අධිචෝදනා
නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් විවිධ වධහිංසා පමුණුවා මරා දැමීමේ සිද්ධියට අදාළව, නැඟෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොලොන්නරුව මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් ඊයේ (17) අධිචෝදනා ගොනු කරනු ලැබීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කළ අනෙකුත් විත්තිකරුවන් වන්නේ කදීර් තම්බයියා, තංගවේලු කදිරයාර් සහ නාගරාසා රත්නම් යන තිදෙනාය.
2006 වසරේ දෙසැම්බර් මස 15 වන දින හෝ ඊට ආසන්න දිනයකදී විත්තිකරුවන් නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ එවකට හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් විවිධ වදහිංසා පමුණුවා මරා දැමූ බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය මඟින් කියැවෙන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව පොලොන්නරුව මහාධිකරණය හමුවේ මෙලෙස අධිචෝදනා ගොනු කෙරිණි.
විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පොලොන්නරුව මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් ගොනු කොට ඇති අධිචෝදනා පොලොන්නරුව මහාධිකරණ විනිසුරු දුලානි වීරතුංග මෙණෙවිය විසින් සලකා බලා, ඉදිරි දිනයකදී විත්තිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් සිතාසි නිකුත් කොට, ඔවුන් මහාධිකරණයට කැඳවා පොලොන්නරුව මහාධිකරණයේ රජයේ අධිනීතිඥ අනුරාධ විජේසුරේන්ද්‍ර මහතා මඟින් අදාළ අධිචෝදනා කියවා භාර දීමට නියමිතය.
නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව පොලොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේ, නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ එවකට හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් විවිධ වදහිංසා පමුණුවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවල උද්ධෘත අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එම උද්ධෘත සැලකිල්ලට ගනිමිනි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

