22 ව්‍යවස්ථා සංශෝධනයට ආන්ඩුව ක්‍රියා කරන ආකාරය පිළිබදව බෙල්ලන්විල ධම්මරතන හිමි විවේචනය කරයි
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ජනමත විචාරණයක් පැවැත්වීම මගින් අධිකරණය මෙන්ම ජනතාව කෙරෙහි ද විශ්වාසය ඇති කිරීමට හේතු වන බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ පැවසූහ.
ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව උන්වහන්සේ දැනුවත් කිරීම සඳහා නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිත පිරිසක් අද (19) බෙල්ලන්විල රජමහා විහාරයේදී උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
එමෙන්ම, මහා නායක හිමිවරුන් විසින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබඳව තමන් වහන්සේ බලවත් සේ කනගාටු වන බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

