Latestවිදේශීය

යුක්‍රේන රුසියා යුද්ධය මීළඟ සීත සෘතුව දක්වා ඇදී යනු ඇති

යුක්රේන යුද්ධය මීළඟ සීත සෘතුව දක්වා ඇදී යනු ඇතැයි ජනා­ධි­පති වොලො­දි­මිර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ. ඔහු මේ ප්‍රකා­ශය සිදු කර ඇත්තේ රුසි­යා­වේදී ජනා­ධි­පති ව්ලැදි­මිර් පුටින් සමඟ පැය 3ක සාක­ච්ඡා­ව­කින් පසු යුක්රේ­න­යට පැමිණි   අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝ­ජිත ස්ටිව් විට්කොෆ් සහ බෑණ­නුවන් වන ජරේඩ් කුෂ්නර් සමඟ පැවති සාක­ච්ඡා­ව­කින් පසු­වය. සෙලෙ­න්ස්කිගේ ප්‍රකා­ශ­යෙන් පැහැ­දිලි වන්නේ කීෆ් අග­නු­වර සාන්ත සොෆියා දේව­ස්ථා­න­යේදී සහ මරින්ස්කි මාලි­ගා­වේදී පැවති එම සාක­ච්ඡා­වෙන් විශාල ප්‍රග­ති­යක් අත්වී නැති බවය.

මීට වසර 5කට පෙර යුද්ධය ආර­ම්භ­ වී­මෙන් පසු අමෙ­රි­කානු නියෝ­ජි­ත­යන් පිරි­සක් යුක්රේ­න­යට පැමිණි පළමු අව­ස්ථාව ද මෙය බව වාර්තා වේ. රුසි­යා­වට නැවත සිය රට ආක්‍ර­ම­ණය කිරී­මට ඉඩක් නොලැ­බෙන පරිදි සාධා­රණ හා ස්ථීර සාම­යක් තමන්ට අවශ්‍ය බව සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇති අතර,  යුද අර්බු­ද­යට විස­ඳුම් සෙවී­මට කීෆ් නුවර පැවති සාකච්ඡා ඉතා වැද­ගත් වූ බව අමෙ­රි­කානු නියෝ­ජිත ස්ටීව් විට්කොෆ් සඳ­හන් කර තිබේ.

මාධ්‍ය­යට විවෘත නොවූ එම සාක­ච්ඡා­වෙන් පසු යුක්රේන ජනා­ධි­ප­ති­ව­රයා වාර්තා­ක­රු­වන් හමුවේ අද­හස් පළ කළ බවත්, ඉදිරි සාකච්ඡා සක්‍රි­යව පව­ත්වා­ගෙන යෑමට යුක්රේ­නය, යුරෝ­පය හා අමෙ­රි­කාව නියෝ­ජ­නය කරන නිල­ධා­රින් අතර යළි සාකච්ඡා පැවැ­ත්වි­මට නිය­මිත බවත් වාර්තා වේ.

රුසි­යාව විසින් අත්පත් කර­ගනු ලැබූ ප්‍රදේශ රුසි­යානු පාල­න­යට නතු විය යුතු බවට පුටින් නැවත නැව­තත් අව­ධා­ර­ණය කිරී­මත්, සිය භූමිය පාවා­දී­මට සූදා­නම් නැති බව සෙලෙන්ස්කි ප්‍රකාශ කිරී­මත් දෙරට අතර සාම විස­ඳු­ම­කට ප්‍රධාන බාධා­වක් බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. කෙසේ වෙතත් ඉදි­රි­යේදී අමෙ­රි­කාව, යුරෝ­පය, යුක්රේ­නය සහ රුසි­යාව සම්බන්ධ කර­ග­නි­මින් බහු­පා­ර්ශ්වික සාකච්ඡා මාලා­වක් ආරම්භ වනු ඇතැයි අනා­වැකි පළ වී තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *