Latestදේශීය

ආන්ඩුවේ 2/3ට වඩා ජනබලය බලවත් – සජිත් ප්‍රේමදාස

ආණ්ඩුවේ විධා­යක බල­තල සහ 2/3ට වඩා ජන බලය බල­වත් කියා අම­තක නොකළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

ජනා­ධි­පති සේම පාර්ලි­මේ­න්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආය­තන බහු­ත­රය රජ­යට ඇති බවත්, මෙවැනි තත්ත්ව­යක් තිබි­යදී 22 වැනි සංශෝ­ධ­න­යට එරෙ­හිව සමගි ජන බල­වේ­ගය ලබන 24 වැනිදා පොල්දූ­වේදී සාම­කාමී උද්ඝෝ­ෂ­ණ­යක් පව­ත්වන බව විපක්ෂ නාය­ක­ව­රයා කියා සිටි­යේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මේ බව කියා සිටියේ 22 වැනි සංශෝ­ධ­න­යට විරු­ද්ධව පොල්දූව මංස­න්ධියේ ලබන 24 වැනිදා සිදු කිරී­මට නිය­මිත සාම­කාමී උද්ඝෝ­ෂ­ණය පිළි­බ­ඳව සමගි වනිතා බල­වේ­ගය සහ සමගි කලා සංග­මය දැනු­වත් කිරීම සඳහා පෙරේදා (19) විපක්ෂ නායක කාර්යා­ල­යේදී පැවැති හමු­ව­ක­දීය.

එදා ගල්අ­ඟුරු වංචා­වට එරෙ­හිව විශ්වා­ස­භංග යෝජ­නා­වක් සමගි ජන බල­වේ­ගය ගෙන ආ අව­ස්ථාවේ එය පාර්ලි­මේ­න්තුවේ පරා­ජ­යට පත් වුවත් දැන් බල­ශක්ති ඇමැති හා ලේකම් එම තන­තුරේ නැති බවත්, ජන බල­යට කළ හැකි දේ හෑල්ලු­වට ලක් කළ නොහැකි බවත්, මේ ජන බලය නිසා 69 ලක්ෂයේ ජනා­ධි­පති පවා ගෙදර ගිය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

22 වැනි සංශෝ­ධ­නය තුළින් වෙන්නේ, විධා­ය­කයේ අණ­ස­කට රටේ අධි­ක­ර­ණය යට­පත් කරන, ගරු අධි­ක­ර­ණයේ නිද­හස ස්වාධී­න­ත්වය නැති කරන ගරු විනි­සු­රු­ව­රුන්ගේ විශ්ව­ස­නී­ය­ත්ව­යට හානි­යක් කර විධා­ය­කය ශක්ති­මත් කිරීම බවත්, 17, 18, 19, 20, 21ට අත උස්සපු අයත් හිටිය බවත්, දැන් ප්‍රති­ප­ත්ති­ග­රුක දේශ­පා­ල­නය පලුදු වෙමින් යන බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

22 වැනි සංශෝ­ධ­නය තුළින් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය විනාශ වන බවත් නීති­ඥ­යන්, විද්ව­තුන්, වෘත්තී­ය­වේ­දීන් මේ ගැන අව­බෝ­ධ­යෙන් සිටිය යුතු බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

ව්‍යව­ස්ථා­දා­ය­කය, විධා­ය­කය, අධි­ක­ර­ණය යන කුලුනු තුනට ආවේ­ණික වෙන් වෙන් වූ බල­තල සේම බල­ත­ල­ව­ලින් එකි­නෙක සීමා කරන සංව­රණ හා තුලන ඇති බවත්, මේ කුලුනු තුන අතර ඇති බල­තල සම­බ­ර­තාව හා බලය බෙදීම විනාශ කර, ගරු අධි­ක­ර­ණය විධා­ය­කයේ ආධි­ප­ත්‍යට අණ­ස­කට වහ­ලකු බවට පත් කරන බවත් විපක්ෂ නාය­ක­ව­රයා තව­දු­ර­ටත් පැව­සීය.

මේ රජය රටේ ඒකා­ධි­පති හිට්ලර් ආඥා­දා­යක පාල­න­යක් කරා රට ගෙන යන බවත්, ජනතා පර­මා­ධි­ප­ත්‍යය විනාශ කරන බවත්, ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව ජනතා පර­මා­ධි­ප­ත්‍යය මත පද­නම් බවත් විපක්ෂ නාය­ක­ව­රයා කියා සිටි­යේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *