ආන්ඩුවේ 2/3ට වඩා ජනබලය බලවත් – සජිත් ප්‍රේමදාස
ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන බහුතරය රජයට ඇති බවත්, මෙවැනි තත්ත්වයක් තිබියදී 22 වැනි සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය ලබන 24 වැනිදා පොල්දූවේදී සාමකාමී උද්ඝෝෂණයක් පවත්වන බව විපක්ෂ නායකවරයා කියා සිටියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ 22 වැනි සංශෝධනයට විරුද්ධව පොල්දූව මංසන්ධියේ ලබන 24 වැනිදා සිදු කිරීමට නියමිත සාමකාමී උද්ඝෝෂණය පිළිබඳව සමගි වනිතා බලවේගය සහ සමගි කලා සංගමය දැනුවත් කිරීම සඳහා පෙරේදා (19) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති හමුවකදීය.
එදා ගල්අඟුරු වංචාවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සමගි ජන බලවේගය ගෙන ආ අවස්ථාවේ එය පාර්ලිමේන්තුවේ පරාජයට පත් වුවත් දැන් බලශක්ති ඇමැති හා ලේකම් එම තනතුරේ නැති බවත්, ජන බලයට කළ හැකි දේ හෑල්ලුවට ලක් කළ නොහැකි බවත්, මේ ජන බලය නිසා 69 ලක්ෂයේ ජනාධිපති පවා ගෙදර ගිය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
22 වැනි සංශෝධනය තුළින් වෙන්නේ, විධායකයේ අණසකට රටේ අධිකරණය යටපත් කරන, ගරු අධිකරණයේ නිදහස ස්වාධීනත්වය නැති කරන ගරු විනිසුරුවරුන්ගේ විශ්වසනීයත්වයට හානියක් කර විධායකය ශක්තිමත් කිරීම බවත්, 17, 18, 19, 20, 21ට අත උස්සපු අයත් හිටිය බවත්, දැන් ප්‍රතිපත්තිගරුක දේශපාලනය පලුදු වෙමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
22 වැනි සංශෝධනය තුළින් ප්රජාතන්ත්රවාදය විනාශ වන බවත් නීතිඥයන්, විද්වතුන්, වෘත්තීයවේදීන් මේ ගැන අවබෝධයෙන් සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන කුලුනු තුනට ආවේණික වෙන් වෙන් වූ බලතල සේම බලතලවලින් එකිනෙක සීමා කරන සංවරණ හා තුලන ඇති බවත්, මේ කුලුනු තුන අතර ඇති බලතල සමබරතාව හා බලය බෙදීම විනාශ කර, ගරු අධිකරණය විධායකයේ ආධිපත්‍යට අණසකට වහලකු බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මේ රජය රටේ ඒකාධිපති හිට්ලර් ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන බවත්, ජනතා පරමාධිපත්‍යය විනාශ කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතා පරමාධිපත්‍යය මත පදනම් බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

