පේරාදෙණිය සරසවියට ලෝකයේ ඉහළ ඇගයීමක්
2026 UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවත වරක් සමත්ව තිබේ.
මෙම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, රටවල් 110ක විශ්වවිද්‍යාල 2,016ක් අතුරින් ප්‍රසාද ලකුණු 8,262.5ක් ලබාගනිමින් ගෝලීය වශයෙන් 200වන ස්ථානය හිමිකර ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමත් විය.
පරිසර හිතකාමී සහ තිරසාර පරිශ්‍රයක් පවත්වාගෙන යාම, තිරසාර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ පරිසරයට වගකියන යහපත් පුරුදු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාලය දක්වන අඛණ්ඩ ප්‍රගතිය මෙම ජයග්‍රහණයෙන් පිළිඹිබු වේ.
UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් මගින් විශ්වවිද්‍යාලවල තිරසාරභාවයේ කාර්යසාධනය ඇගයීමට ලක් කරන්නේ ප්‍රධාන පරාමිතීන් කිහිපයක් පදනම් කරගනිමිනි. ඒ අතරට යටිතල පහසුකම්, බලශක්තිය සහ දේශගුණික විපර්යාස, අපද්‍රව්‍ය කළමනාකරණය, ජල කළමනාකරණය, ප්‍රවාහනය, අධ්‍යාපනය, පාලනය සහ ඩිජිටල්කරණය යන ක්ෂේත්‍ර ඇතුළත් වේ.
2026 ශ්‍රේණිගත කිරීම් පවත්වනු ලැබුවේ “සුපාලනය, ඩිජිටල්කරණය සහ සංගෘහිත කාර්යසාධනය තුළින් තිරසාර විශ්වවිද්‍යාල පරිශ්‍රයන් ඉදිරියට ගෙන යාම” යන තේමාව යටතේය.
ලොව පුරා පිහිටි විශ්වවිද්‍යාලවල තිරසාරභාවයේ කාර්යසාධනය ඇගයීමේ ප්‍රධාන අන්තර්ජාතික මට්ටමේ වේදිකාවක් වන මෙම 2026 UI GreenMetric ශ්‍රේණිගත කිරීම් සඳහා රටවල් 110කින් විශ්වවිද්‍යාල 2,016ක් සහභාගී වී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානය නැවතත් තහවුරු කරගනිමින්, තිරසාර සංවර්ධනය, පාරිසරික සංරක්ෂණය සහ පරිසර හිතකාමී විශ්වවිද්‍යාල සංස්කෘතියක් ගොඩනැගීම සඳහා වූ සිය අඛණ්ඩ කැපවීම පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් මෙලෙස නැවතත් පෙන්වා දී ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

