ආසියානු ක්‍රීඩා උළෙල – පළමු රන් පදක්කම රුමේෂ්ගෙන්
ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 88.55කි.
මෙවර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුමේෂ් තරංග සහ සහභි වුණි.
ඊට සහභාගි වූ ක්‍රීඩකයින්ට සියලුදෙනාට මෙම ඉසව්ව අභියෝගයක් වූයේ වර්ෂාව හේතුවෙනි.
රුමේෂ් තරංග සිය පළමු උත්සාහයේදී මීටර 73 යි දශම 53ක දක්ෂතාවක් දැක් වූ අතර ඒ අනුව පළමු වට තුන නිමාවන විට රුමේෂ් පසු වුණේ 3වැනි ස්ථානයේයි.
3වැනි වටය නිමාවන විට ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනා පෙරමුණ ගනිද්දී සිය සිවුවැනි උත්සාහයේදී මීටර අසූ අටයි දශම 3යි 3ක දක්ෂතාවක් දක්වමින් රුමේෂ් සිය සුපිරි රිද්මයට පැමිණියේ පෙරමුණ ගනිමිනි.
රුමේෂ්ගේ සිය 5 වැනි උත්සහාය අසාර්ථක වූ අතර ඔහු සිය 6 වැනි උත්සහායේදී මීටර 88යි දශම 5යි 5ක දක්ෂතාවක් දක්විමන් මෙවර ආසියානු ක්‍රීඩා උලෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වුණි.
ශ්‍රී ලංකාව මෙවරට ආසිායනු ක්‍රීඩා උලෙලේ දිනූ පළමු රන් පදක්කම මෙයයි.
මෙම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ඉන්දී්‍ය ක්‍රීඩකයින් දෙදෙනා විසින් දිනා ගත් අතර සුමේධ රණසිංහට හිමි වුණේ 6 වැනි ස්ථානයයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

