නාමල් – ‘ක්‍රිෂ්’ නඩුවේ සිව්වන විත්තිකරු
‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතිනු ලබන නඩුවේ සිව්වන විත්තිකරු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ, ප්‍රකට ඉන්දියානු දේපළ සංවර්ධන සමාගමක් වන ‘ක්‍රිෂ්’ ආයතනය සම්බන්ධ මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ලබාගැනීමේ චෝදනා මතය.
මීට අදාළ විමර්ශන සහ අධිකරණ කටයුතු ඉදිරියට සිදුකෙරෙමින් පවතින අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මීට පෙර අධිකරණයෙන් ලබාගත් අවසරයකට අනුව පසුගියදා බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ද සටහන් කර ගන්නා ලදී.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

