අද සවස වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමෙන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
මේ අතර, කන්සන්තුරය සිට පුත්තලම, කොළඹ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැන් තැන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං ගිනිකොණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර, සුළඟේ වේගය පැ.කි.මී 20 – 30 ක් පමණ වේ.
දිවයින වටා මුහුද ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින අතර, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම මුහුදු ප්‍රදේශවල තාවකාලික පැ.කි.මී 60 – 70 තරම් වූ තද සුළං ඇති විය හැකි බවත් මුහුදු ප්‍රදේශ තාවකලිකව ඉතා රළු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

