Latestදේශීය

ශිරන්ති නිමේෂය යනු රනිල් කඳවුරේම දිගුවක්

ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සිරිලිය ගිණුම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අනුගාමිකයින් දෙනෙකු විසින් බව අනාවරණය වී තිබේ.

2015 වසරේ දී එම පැමිණිල්ල කර තිබෙන්නේ දූෂණ විරෝධී පෙරමුණ නම් සංවිධානයෙන් ය. එහි සභාපති ධුරය පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් දැරූ අතර, එම සංවිධානයේ කැඳවුම්කරු සහ උපදේශකවරයෙකු ලෙසින් කටයුතු කළේ රජිත් කීර්ති තෙන්නකෝන් විසිනි.

රනිල් මෛත්‍රී පාලන සමයේ දී දැඩි දේශපාලන විරසකභාවයක් දැරූ මෙම පිරිස පසුව පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහව ජනාධිපති ධුරයට තෝරා පත් කර ගැනීම දක්වා පැවති සැබෑ දේශපාලන බැඳීම ප්‍රකට කරනු ලැබීය.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *