‘USS TULSA’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සඳහා කොළඹ වරායට පැමිණෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA (LCS 16)’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඊයේ (07) උදෑසන කොළඹ වරායට පැමිණියේය.
කොළඹ වරායට පැමිණි එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.
Littoral Combat වර්ගයට අයත් ‘USS TULSA (LCS 16)’ නෞකාව මීටර් 127.7ක දිගකින් යුක්ත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාන්ඩර් BM Wanier කටයුතු කරයි.
2019 පෙබරවාරි 16 වැනි දින අධිකාරියට පත් කර ඇති ‘USS TULSA (LCS 16)’ නෞකාව එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා සේවයට එක්ව කටයුතු කරයි.
මීට පෙර ද මෙම නෞකාව 2025 අගෝස්තු 27 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

